EPF ශේෂය ඔන්ලයින් බලන්නේ මෙහෙමයි.


සේවක අර්ථසාධක අරමුදලෙහි (Employees Provident Fund) ලියාපදිංචි සාමාජිකයින් හට තම ගිණුමේ ශේෂය අන්තර්ජාලය හරහා විමසීමේ පහසුකම සේවක අර්ථසාධක අරමුදල විසින් දැන් ලබා දී තිබේ.

මෙම පහසුකම ලබා ගැනීම සඳහා මූලික වශයෙන් ලියාපදිංචි වීමක් අවශ්‍ය කෙරේ. ඒ සඳහා අදාළ අයදුම්පත පුරවා, සාමාජිකයාගේ වත්මන් සේවායෝජකයා විසින් සහතික කිරීම සමඟින් සහ සහතික කරන ලද ජාතික හැඳුනුම්පතේ පිටපතක් සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවට එවිය යුතු වේ.

මේ සඳහා වන අයදුම්පත් සේවක අර්ථසාධක අරමුදල් වෙබ් අඩවියෙන් බා ගත හැකිය.

http://ift.tt/2wAzXZ7

වැඩිදුර තොරතුරු 2477149 හෝ 2477148 අංක ඇමතීමෙන් හෝ කොළඹ 01, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ, ලොයිඩ් ගොඩනැගිල්ලේ අංක 13 ස්ථානයේ පිහිටි සේවක අර්ථසාධක අරමුදල වෙත පැමිණීමෙන් හෝ ලබා ගත හැකිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment