43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ අද දවසේ තොරතුරු

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ අද දවසේ තොරතුරු

 

ඒ අතර පිරිමි රිටි පැනීමේ තරගයේ රන් පදක්කම හිමිකරගැනීමට බස්නාහිර පළාතේ ඉශාර සදරුවන් ක්‍රීඩකයා සමත්විය.

මීටර  200 දීවීමේ කාන්තා ඉසවුව ජයගැනීමට ඌව පළාතේ ශෂිකා ලක්ෂානි ක්‍රීඩිකාව සමත් වූ අතර මීටර 200 පිරිමි තරගයේ ජයග්‍රහණය සබරගමු පළාතේ පී.කේ. විජේරත්න ක්‍රීඩකයා හිමිකර ගත්තේය. මීටර 800 පිරිමි ඉසවුව ඌව පළාතේ ඉදුනිල් හේරත් ක්‍රීඩකයා විසින් දිනාගනු ලැබිණ. ඔහු දකුණු ආසියා ක්‍රීඩා උලළේ ද එම ඉසවුව වෙනුවෙන් රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයා වීම තවත් විශේෂයකි.  මීටර 400 කඩුළු මතින් දිවීම පිරිමි තරගයේ ජය අසංක ඉන්ද්‍රජිත් දිනාගත් අතර ඔහු සබරගමු පළාත නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩකයකු වේ.

අද සවස් වනවිට පදක්කම් ලැයිස්තුවේ ඉහළින්ම තම පළාත රඳවා ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව ඇත. එහි දෙවන ස්ථානය මධ්‍යම පළාතට ද තෙවන ස්ථානය වයඹ පළාතට ද දැනට හිමිව තිබේ. සත්කාරක දකුණු පළාත මේ වනවිට පදක්කම් ලැයිස්තුවේ හයවන ස්ථානයෙහි සිටී. දිවයිනේ පළාත් නවයේම සහභාගීත්වයෙන් මාතර පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පදක්කම් ලැයිස්තුවෙහි දැනට නව වන තැනට පැමිණ ඇත්තේ නැගෙනහිර පළාතය.

- මාතර ඉදුනිල් කැළුම් ජයවීර

 

1 2

1 3

1 4

1 5

1 6

1 7

1 8

1 9

නව තරග වරථ J.ANITHA 1

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment