අධ්‍යාපන පරිපාලනයේ පුරප්පාඩු 515කට අයදුම්පත් කැඳවා 306 ක් පමණක් බඳවාගෙන

අධ්‍යාපන පරිපාලනයේ පුරප්පාඩු 515කට අයදුම්පත් කැඳවා 306 ක් පමණක් බඳවාගෙන

 

ඉහත සීමිත තරග විභාගයේ ප‍්‍රතිඵල මත 515 ක් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබුණ ද බඳවාගෙන ඇත්තේ 306 ක් පමණි. ඉතිරි පුරප්පාඩු සඳහා විභාග සමතුන් සිටියදීත් ඔවුන් බඳවා ගැනීමට කටයුතු කර නැත. එසේම එම බඳවාගැනීම් තුළ විශේෂ සේවක සංඛ්‍යාවට අන්තර්ගතව සිටි විදුහල්පති ශ්‍රේණිධාරීන්ට ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 පන්තියේ තනතුරු ලබාදී නැත. ඊට හේතු ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ විදුහල්පති සේවයේ නිලධාරීන් ඉගැන්වීම් කටයුතුවල නිරත නොවන නිසා ඔවුන්ට විෂය සඳහා කාලසටහන් නොමැති බවයි. එය බරපතල අසාධාරණයකි.

සහකාර සහ නියෝජ්‍ය විදුහල්පතිවරු ලෙස කටයුතු කරන විදුහල්පති ශ්‍රේණිධාරීන් පාසල් කාලසටහනට අනුව සීමිත කාලපරිච්ෙඡ්ද සංඛ්‍යාවක් ඉගැන්වීම් කටයුතුවල නිරත වෙති. එසේම 2009 න් පසු පත්වීම් ලද විදුහල්පති සේවයේ නිලධාරීන් බහුතරයක් තවමත් විදුහල්පති තනතුරුවල ස්ථාන ගත කර නැත. එම නිලධාරීන් බහුතරයක් පාසල්වල ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටිති. එහෙත් ඉගැන්වීම් කටයුතුවල නිරත නොවන අධීක්ෂණ කාර්යයේ නිරත වන ගුරු උපදේශකයින්ට පරිපාලන සේවයට පත්වීම් ලබා දී ඇත. මේ තත්වය තුළ අධීක්ෂණ කි‍්‍රයාවලියක නිරත වීම නිසා විදුහල්පති ශ්‍රේණිධාරීන්ට පමණක් බරපතල අසාධාරණයක් සිදු කොට ඇත.

අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීමේ ගැසට් නිවේදනයේ විදුහල්පති සේවයේ නිලධාරීන්ට විශේෂ සේවක සංඛ්‍යාවට අයදුම් කළ නොහැකි බව සඳහන් නොවුණු අතර, විභාගය සමත්වීමෙන් පසු සම්මුඛ පරීක්ෂණවලට ද එම පිරිස කැඳවා තිබුණි. පත්වීම් ලබාදීමේ දී පමණක් විදුහල්පතිවරු ඉවත් කර ඇත.
මේ තත්වය තුළ ඉවත් කරන ලද විදුහල්පතිවරු ද ඇතුළත් වන පරිදි අධ්‍යාපන පරිපාලන සේවයේ ඉතිරි පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මෙයට

ලංකා ගුරු සංගමය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment