කෙන්යානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අවලංගුයි. දින 60 ක් ඇතුළත නැවත ජනාධිපතිවරණයක්!

කෙන්යානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අවලංගුයි. දින 60 ක් ඇතුළත නැවත ජනාධිපතිවරණයක්!

සය සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලෙන් සාමාජිකයන් සිව් දෙනෙක්ම මෙහිදී තීන්දු කළේ පසුගිය මාසයේ පැවැත්වූ ජනාධිපතිවරණය ‘අක්‍රමිකතා’වලින් බහුල- නීතිවිරෝධී එකක් බවයි. 
අවසන් ප්‍රතිඵලය අනුව උහුරු කෙන්යාටා විසින් 5427%ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන ඇති බව පැවසිණි.  ඒ අනුව ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වශයෙන්, දෙවන වටයේ ඡන්ද විමසීමකින් තොරව ඔහුගේ නම ප්‍රකාශයට පත්කිරීම ද සිදුව තිබිණි. මෙම මැතිවරණ පෙත්සම ගොනුකර තිබුණේ ජනපති උහුරු කෙන්යාටා සමග තරග වැදුණු, විරුද්ධ පක්ෂ නායක රයිලා ඔඩින්ගා විසිනි. රෙයිලා ඔඩින්ගා අගෝස්තු 8 මැතිවරණයේදී දිනාගෙන තිබූ ඡන්ද ප්‍රතිශතය 44.74%ක් විය.  

මීට පෙර 2013 වසරේ දී උහුරු කෙන්යාටා කෙන්යාවේ සිව්වැනි ජනපති වශයෙන් තේරී පත්වූ විට එම මැතිවරණය ද දූෂිත බව කියමින් රයිලා ඔඩින්ගා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය නමුත් එහිදී ඒකමතිකව තීරණය වූයේ මැතිවරණය නීත්‍යානුකූල ලෙස පැවැත්වූ බවයි. මෙවර නඩුව ඇසෙන අතරවාරයේ ඔඩින්ගා ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ විරෝධතාවක් ද සංවිධානය කර තිබිණි. 

මේ අතරවාරයේ කෙන්යාටා සහ මාගරට් ආර්යාව විවේක සුවය විඳිමින් අලි බලන්නට ගොස් සිටි ආකාරය ද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ඔවුන් දෙදෙනා එම ඡායාරූප සිය ෆේස්බුක් පිටුවේද පළ කර තිබිණි. 

- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment