දික්වැල්ලේදී දියේ ගිලුණු ලී ෂර්ජු නැමැති චීන තරුණයෙකු මරුට

දික්වැල්ල හිරිකැටිය මුහුදු තීරයේ විනෝදයට ගිය චීන ජාතිකයෙකු දියේ ගිලී  අතුරුදන් වී ඇතැයි දික්වැල්ල පොලීසිය පවසයි.
මෙසේ අතුරුදන් වී

ඇත්තේ  අලුතෙන් ඉදි වන මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ  වැවුරුකන්නල වැඩ බිමට අනියුක්තව සේවය කල 29 හැවිරිදි ලී ෂර්ජු  නැමැති චීන තරුණයෙකි.
ඔහු 31 වන දින උදය කාලයේ තවත්  චීන ජාතික මිතුරන් දෙදෙනෙකු සමග මුහුදු වෙරළට ගොස්  ගල් පරයක් මත වාඩි වී සිට ඇත.
ඒ අතරතුර පැමිණි රළ පහරකට හසුවී මෙම පුදගලයා මුහුදට වැටී  අතුරුදන් වී ඇත.
ඔහු සොයා ගැනීම සඳහා තංගල්ල නාවික හමුදා කඳවුරේ කිමිඳුම් කණ්ඩායමක්  දික්වැල්ල පොලීසියේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන්  මෙහෙයුමක් දියත් කර ඇත.
දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප  ලසන්ත දඩල්ලගේ මහතාගේ  මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

(වලස්ගල ලක්ෂ්මන් කුමාරසිංහ)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment