ක්‍රීඩකයන්ට දී ඇති ඉලක්ක ළඟා කළොත් ඉන්දියාවට එරෙහිව සාර්ථක තරගයක් දිය හැකියි

ක්‍රීඩකයන්ට දී ඇති ඉලක්ක ළඟා කළොත් ඉන්දියාවට එරෙහිව සාර්ථක තරගයක් දිය හැකියි


තරගයක් නිමාවී දින දෙකක් වැනි කාලයකදී පුහුණුවීම් පිළිබදව දැඩි අවධානයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දිය නොහැකි බවත් මේ දිනවල ඔවුන්ට මානසිකත්වය සකස් කර ගැනීම අවශ්‍ය වන බව ඊයේ ( සැප්තැම්බර් 02) කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉලක්ක කිහිපයක් ලබා තිබෙන බවත් ක්‍රීඩකයන් එම ඉලක්ක ළගා කර ගත හොත් කණ්ඩායමට ජය ගැනීම අපහසු නොවන බව ද ඒ මහතා කිවේය. කණ්ඩායමේ පළමු පෙළ පිතිකරුවන් පස් දෙනාගෙන් එක් අයෙකු පන්දු වාර හතළිස් පහක් දක්වා පිටියේ නොදැවී රැදී සිටිම එක් ඉලක්කයක් වන බව ඔහු සදහන් කළේය.

එමෙන්ම පිති හරඹයේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු ලකුණු සියයක හා තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු ලකුණු 75ක සබදතාවක් සුරැකිමින් රැදී සිටිම මගින් යහපත් තරගයක් දියත් කළ හැකි බව ද අවිශ්ක ගුණවර්ධන මහතා කීවේය.
සිම්බාබ්වේ තරගයේදි කණ්ඩායමට මෙවැනි ඉලක්ක ලබා දුන් බව ද එම ඉලක්ක ළගා කර ගැනීම මගින් කණ්ඩායම සාර්ථකත්වය කරා යොමු කළ හැකි යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment