උතුරු මහ ඇමති සුපිරි බලයක් ඉල්ලයි.


කිසිවෙකුට යළි බලය ලබා ගත නොහැකි අයුරින් නීත්‍යනුකූල බලයක් ලැබෙන්නේ නම් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හැකි බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පැවසීය.

දෙමළ ජනතා සංසදයේ විද්වත් හමුවක් අමතමින් ඔහු මේ බව පවසා සිටියේය.  යාපනය වීරසිංහම් ශාලාවේදී මෙම හමුව පැවැත් වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා,

"අපිට ඕන බලය බෙදීමක්. ඒක ඒකීය පාලනයක් තුළ ආවත් කමක් නැහැ. ෆෙඩරල් පාලනය තුළ ආවත් කමක් නැහැ කියලා ඇතැම් පිරිස් කියනවා. ඒ වගේම අපි මෙතනින් වෙන්වෙලා යන්න යනවා කියලා ඇතමුන් අතර බියක් ඇති වෙලා. ඒ ගැන කවුරුත් බියක් ඇති කරගත යුතු නැහැ. ඕන නම් අපිට ඉන්දියාව, බ්‍රිතාන්‍ය හෝ වෙන ඕන රටක් හරහා හරි එහෙම වෙන් නොවන බවට සහතික වෙන සම්මුතියකට එළඹෙන්න පුළුවන්.

මෙතනදී අපි කියන්න ඕන ඒකීය පාලනයක් තුළ කොතරම් බලය බෙදීමක් සිදු වුණත් ඒක ස්ථීර නැහැ නීත්‍යනුකූල නැහැ ඒ දුන්නු බලය දීපු අයම නැවත ලබාගනීවි කියන තත්වයකට කවදහරි පත්වෙයි කියල අපි අමතක කරන්න හොඳ නැහැ. බහුතර අය අපිව පාලනය කරන විදිහට බලයක් සහිතව නිර්මාණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නෙ නැහැ. ඒ නිසා අපිට කිසිවෙකුට යළි ලබාගන්න බැරි වෙන අයුරින් බලය නීත්‍යනුකූලව ලැබිය යුතුයි. එහෙම වුණොත් විතරයි දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා නිදහසේ මේ රට තුළ ජීවත් වීමට අවස්ථාව උදාවෙන්නේ." යැයිද පවසා සිටියේය.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් , පළාත් සභා කාන්තා කටයුතු අමාත්‍ය ආනන්දි ශෂිධරන් ඇතුළු විදවතුන්  රැසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment