මහරගම එජාපෙ සංවිධායක ධුරය චම්පිකට.


එක්සත් ජාතික පෙරමුණ මහරගම ආසන සංවිධායක ධුරයට ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත් කිරීමට එජාප නායකත්වය තීරණය කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

පසුගිය මහ මැතිවරණයෙදී ජාතික හෙළ උරුමය, එක්සත් ජාතික පක්ෂය සමග අවබෝධතා ගිවිසුමකට එළඹ එක්සත් ජාතික පක්ෂයේ 'අලියා' ලකුණ යටතේ තරඟ කලේ එක්සත් ජාතික පෙරමුණ ලෙසිනි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ කල අමාත්‍ය චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මීළඟ මහ මැතිවරණය කොට්ඨාශ ක්‍රමය පදනම් කර ගනිමින් පැවැත්වීමට නියමිත හෙයින් ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සන්ධානගතව සිටින අනෙකුත් පක්ෂවල ප්‍රධානීන්ට ප්‍රධාන පක්ෂයක සහයෙන් ආසන සංවිධායක ධුර ලබා ගැනීමට සිදුව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මහරගම ආසන සංවිධායක ලෙස කටයුතු කල පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විනය චෝදනා මත පසුගියදා අමාත්‍ය ධුරයෙන් නෙරපා හරිනු ලැබිය.

සන්නස්ගලගේ තැන හිරුණිකාට

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායක ධුරය ලබා දීමේ සුදානමක් ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් ඇය පසුගිය සමයේ දේශපාලන කටයුතු වලින් ඉවත් ව නිහඬව කටයුතු කල අතර ඇතැම් පුවත් පැතිර ගියේ ඇය දේශපාලනයෙන් සම්පුර්ණයෙන් ම ඉවත් වනු ඇති බවයි.

මේ වන විට රත්මලාන ආසන සංවිධායක ධුරය උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් දරනු ලබයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment