ජර්මනියේ නාසිවාදීන් නැවත හිස ඔසවන ලකුණු.


ජර්මනියේ පැවති ෆෙඩරල් මැතිවරණයෙන් හිටපු නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ පක්ෂය වූ ජාතිකවාදී AfD (Alternative for Germany - ජර්මනියට වෙනසක්) පක්ෂයට සැළකිය යුතු ආසන සංඛ්‍යාවක් හිමිවීම මේ වනවිට සමස්ත ලෝකයේම කතාබහට ලක්ව තිබේ.

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ගේ කන්සර්වෙටිව් පක්ෂ සන්ධානය මැතිවරණයෙන් ජයගැනීමට සමත් ඇති අතර ඒ අනුව මර්කෙල් සිව්වෙනි වරටත් නායකත්වයට පත්කර ගැනීම ජර්මනියේ බහුතර ජනතාව කැමැත්ත පළකර තිබේ. ඇයගේ සන්ධානය හිමි කරගෙන ඇති සමස්ත ඡන්ද ප්‍රමාණය 34.5% කි. එම පක්ෂයට ආසන 218 ක් ලැබී තිබේ. පසුගිය 2013 මැතිවරණයේදී ඇන්ජෙලා මර්කෙල් ආසන 311 ක් දිනාගෙන තිබිණි.

දෙවැනි ස්ථානයේ සිටින FDP පක්ෂය 21.9% ඡන්ද ප්‍රතිශතයක් සමගින් ආසන 138 ක් ලබාගෙන තිබේ. මෙම පක්ෂයට පසුගිය මැතිවරණයේදී හිමි වූ ආසන ප්‍රමාණය 193 කි.

ජර්මනියට විකල්පයක් හෙවත් අන්ත දක්ෂිණාංශික AfD පක්ෂය 13.8% ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන ඇති අතර ඔවුන්ට ලැබී ඇති ආසන සංඛ්‍යාව 87 කි. මීට අමතරව සිව්වැනි ස්ථානයේ සිටින අන්ත දක්ෂිණාංශික FDP පක්ෂය ද ආසන 70 ක් හිමි කරගෙන සිටී. ඔවුන් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 110% කි. වැදගත්ම කරුණ වන්නේ මෙම පක්ෂ දෙකම පසුගිය 2013 මැතිවරණයේදී කිසිදු ආසනයක් දිනාගෙන නොතිබීමයි.

මේ අනුව අන්ත දක්ෂිණාංශික කණ්ඩායම්වලට ආසන 150 කට වඩා ප්‍රමාණයක් ලැබී ඇති අතර මෙය ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම ගමන්මග වෙනස් කරන්නක් ලෙස සැලකිය හැකි බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.

විශේෂත්වය වන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නාසිවාදීන්ට සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් ලබාගැනීමට හැකි වූ පළමු අවස්ථාව මෙය වීමයි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment