1000 ධාරිතාවේ බයික් අනතුරට හොරණ අධිකරනයෙන් ලක්ෂ 3.7 දඩයක්

යතුරු පැදියකින් සිදු කළ අනතුරක් සඳහා රුපියල් තුන් ලක්ෂ හැත්තෑදහසක විශාල දඩයක් පැනවූ සිද්ධියක්
හොරණ මහේස්ත්‍රාත් අධිකරණයෙන්

වාර්තාවී තිබේ.යතුරු පැදියක් සඳහා පැනවූ වැඩිම දඩ මුදල ලෙස මෙය සැළකේ.
හොන්ඩා CBR 1000 වර්ගයට අයත් අධි ධාරිතාවයෙන් යුතු රුපියල් ලක්ෂ 15ක් වටිනා මෙම යතුරු පැදිය මෙරට පාරවල් වල දාවනය කිරීමේ දුෂ්කරතාව නිසා ලංකාවට ගෙන්වීම තහනම් ගණයේ එකක් වන නමුත් නීති විරෝධිව කොටස් මෙරටට ගෙන්වා එකලස් කර පාවිච්චියට ගෙන ඇත්තේ  ලියා පදිංචි නොකර ව්‍යාජ අංක තහඩු යොදාගෙනයි.
දින තුනකට ඉහත දී සිදු වූ රිය අනතුරක් සමිබන්ධයෙන් මෙම යතුරු පැදිය ගැන නවිමර්ශනය කිරීමේදී සැකකරු පළාගොස් තිබුණද හොරණ පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබූ අතර රිය අනතුර සිදු කර පලා යාම , අධි ධාරිතාවයෙන් යුතුව ධාවනය ,ඇතුළුව චෝදනා 12 කට
තුන්ලක්ෂ හැත්තෑදහසක දඩ මුදල සහ වසරක අත් හිටවූ සිර දඩුවමක් ද පනවා ඇත.
යතුරුපැදියේ හිමිකරු හොරණ ගුරුගොඩ පදිංවි අයෙකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment