නෝනා කිව්ව නිසා මුරකරු අල්ලා පහරදුන්‍ දිවුලපිටිය පොලිසිය අහිංසකයෙකු මරා දමලා


නෝනා කිව්ව නිසා මුරකරු අල්ලා පහරදුන්
දිවුලපිටිය පොලිසිය අහිංසකයෙකු මරා දමලා

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ගාමිණී එඩ්වඩ් නමැති 50 හැවිරිදි පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඇතිවූ පහරදීම් හේතුකොට අසාධ්‍යවී මරණයට පත්වී තිබේ.
එම පුද්ගලයා ධනවත් නිවසක මුරකරුවෙකු ලෙස රැකියාව කළ අයෙකු වන අතර ඔහු සේවය කළ නිවසේ වටිනා භාණ්ඩ අතුරුදන්වීමේ සිද්ධියක් මත අදාළ ගෙහිමි කාන්තාව පොලිසියට පැමිණිලි කර කියා ඇත්තේ සොරකම සම්බන්ධයෙන් මුරකරු සැක බවයි.
මේ සැකය මත දිවුලපිටිය පොලිසිය ගාමිණී එඩ්වඩ්ගේ නිවසට පැමිණ ඔහු අල්ලාගෙන තිබෙන අතර ඔහුට වරද පිළිගන්නා ලෙස බල කර ඇත.
තමන් නොකළ වරදකට ගෑවෙන්නට බැරි බව කියමින්
ඔහු එය ප්‍රතික්ෂේප කළ පසුත්

ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන පොලිස් නිලධාරීන් පසුව ඔහු රිමාන්ඩ් භාරයේ තබමින් වරින්වර පහරදී වරද පිළිගන්නා ලෙස බල කර ඇති බව වාර්තාවේ.

 2 වෙනිදා ඔහුව අත්අඩංගුවට ගෙන 3 වැනි දා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනි දා තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට අධිකරණය නියම කර තිබී ඇති අතර ඉන්පසුව ඔහු පහරදීම් තුවාල නිසා අසාධ්‍යවී රෝහල්ගතවීමෙන් පසු මරණය සිදුව ඇත.

  ඔහු උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ද ඔහුට පහරදීම් සිදුවී ඇති බව විනිසුරුට දන්වා තිබී ඇත.
මෙම සිදුවීමෙන් පසු  දිවුලපිටිය පොලිසියට එරෙහිව මහජන විරෝධය පළවී තිබේ.
මේ අතර වාරයේ එහි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙකු මාරු කිරීමට බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති නියෝග කර ඇත.

මියගිය ගාමිණි මුලින්ම බන්ධනාගාර
රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කර ඇති නමුත් තත්ත්වය යහපත් නොවන බැවින් ඔහු වහා මීගමුව රෝහලට ඇතුළත් කරන ලෙස බන්ධනාගාර වෛද්‍යවරයා නිර්දේශ කර තිබූ බවත් ඒ අනුව මීගමුව රෝහලට ඇතුළත් කරන්නට උත්සාහ කළත් ඒවනවිටත් ඔහු මියගොස් සිටි බව මීගමුව රෝහල් ආරංචි මාර්ග කියයි.

මරණයට පත්වූ  පුද්ගලයාගේ දියණිය සඳහන් කරන්නේ නොකළ වරදක් පිළිගන්නා ලෙස බල කරමින් පොලිසිය පහරදුන් බව මියයාමට පෙර තම පියා ප්‍රකාශ කල බවයි.
 මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබු මළ සිරුර නිරීක්ෂණය කල මීගමුව වැඩබලන
මහේස්ත්‍රාත් ශාන්ත මිලිඇල්ල නියෝග කළේ එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය
පවත්වා මරණයට හේතුව ලබන 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මීගමු රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රාහුල් හක් මහතා නිගමනය කර ඇත්තේ මිය ගිය සැකකරුගේ ශරීර අභ්‍යන්තරයේ තුවාල රැසක් ඇති බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment