මත්පැන් යෑයි සිතා නිවසේ වෙනත් බෝතලයක් තුළ තිබූ කෘමිනාශක වර්ගයක් පානය කළ පුද්ගලයකු ප්‍රතිකාර සඳහා ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය පුවතක් ගම්පහ මහ රෝහලින් වාර්තා
වෙයි.
මෙසේ මියගොස් ඇත්තේ
අංක 48 බටේපොළ, වතුරුගම ලිපිනයේ පදිංචි එල්. ඒ. මහින්ද (48) නමැති තිදරු පියෙකි.
නිරන්තරයෙන්ම බීමතින් සිටීමට පුරුදුවූ බව කියනමේ පුද්ගලයා සිද්ධිය වූ දිනයේ පිටතින් මත්පැන් ලබාගෙන පදම්ව සිටි බවත් නිවසට ආ පසුව නැවත මත්පැන් බීමට උවමනාවී රාක්ක අවුස්සමින් සිටි බවත් නිවැසියන් දන්වා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මල්වතුහිරිපිටිය පොලිසියේ නිලධාරීන් පරීක්‌ෂණ පවත්වයි.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment