උතුරු කොරියාවට සම්බාධක පැනවීම පිළිබඳ ජවිපෙ ප්‍රශ්න කරයි

උතුරු කොරියාවට සම්බාධක පැනවීම පිළිබඳ ජවිපෙ ප්‍රශ්න කරයි
සම්බාධක පැනවීමට තීරණය කළේ කුමන හේතු සාධක මතද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුව වෙත කරුණු පැහැදිලි කළයුතු බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
 
ජවිපෙ නායකයාට පිළිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීම සඳහා තීරණය කර ඇති බවයි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ආරක්ෂක මන්ඩලයේ යෝජනාවට අනුව සම්බාධක පැනවීමට රජය තීරණය කර ඇති බවද විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
 
කලෙක පටන් ලොව ප්‍රබල රටවල් උතුරු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවා ඇති අතර එහෙත් මෙරට රජය එවැනි තීරණයක් ගෙන නොතිබිණි. කෙසේ වෙතත් උතුරු කොරියාව සමග සබඳතා පවත්වන රටවල් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ අප්‍රසාදය පළවූ අතර රජයේ තීරණයට මෙය ද හේතු වී තිබේ. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment