ඉරාන-ඉරාක දේශසීමාවේ භූමිකම්පාවෙන් මියගිය ගණන 348 දක්වා ඉහළට

ඉරාන-ඉරාක දේශසීමාවේ භූමිකම්පාවෙන් මියගිය ගණන 348 දක්වා ඉහළට
මියගිය පිරිසෙන් බහුතරයක් ඉරාන ජාතිකයන් වන අතර එරට බටහිර කර්මන්ෂා පළාතේ සැලකිය යුතු ප්‍රදේශයක් භූමි කම්පාවට හසු විය.
 
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙම හදිසි අනතුර හේතුවෙන් රටවල් දෙකේම 70,000 කට ආසන්න පිරිසක් විපතට පත්ව ඇති බවයි. මේ වනවිට ආධාරක කණ්ඩායම් අනතුරට පත් පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇති අතර බොහෝදුරට මියගි ප්‍රමාණය වැඩිවනු ඇත.
 
ඉරාක-ඉරාන දේශසීමාවේ කිලෝමීටර් 33.9 ක් ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ. මෙම භූ කම්පනය බලපෑම් තුර්කිය, ඊශ්‍රායලය, කුවේටය යන රටවල්වලට ද දැනී තිබේ. ඉරානය විටින් විට භූමි කම්පාවලට ලක්වන අතර භූ තැටි අතර ප්‍රධාන විභේද රේඛා ඉරානය හරහා වැටී තිබීම මෙයට හේතුවයි.
 
උපාලි සපරමාදු
 
iran earth 1
iran earth 2
iran earth 3
iran earth 4
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment