දේශපාලන ප්‍රතිසංස්කරණවලදී පුද්ගල සාධක බැහැර කළ යුතුයි - සරත් විජේසූරිය

දේශපාලන ප්‍රතිසංස්කරණවලදී පුද්ගල සාධක බැහැර කළ යුතුයි - සරත් විජේසූරිය
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහය දෙන්නන් මරා දැමිය යුතු බවට සිදුකරන ප්‍රකාශයන්හි සාහසික බව තේරුම් ගත යුතු බව හෙතෙම කියා සිටියේය. ඔවුන් සංහිඳියාව, මානව හිමිකම්, බලය බෙදීම යන කාරණාවලට කැමැත්තක් නොදක්වන බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වන බවයි විජේසූරිය මහතා පැවසුවේ. මානව හිමිකම් අවශ්‍යවන්නේ රටක ජන ජීවිතයේ යහපැවැත්මට මෙන්ම සංහිඳියාව අවශ්‍ය වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු දෙනාගේ බඩගින්න හඳුනාගැනීමට බව ද සරත් විජේසූරිය මහතා අවධාරණය කළේය.
 
මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් රටේ ඒකීයභාවයට හානියක් නොවන බව ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානායකවරයා හා විපක්ෂනායකවරයා පැහැදිලිව ප්‍රකාශ කර තිබියදීත් ඒ පිළිබඳ විශ්වාසයක් නොමැති බව සමාජයෙන් පෙන්නුම් කරන බව හෙතෙම කියා සිටියේය. එමඟින් පෙන්නුම් කරන්නේ සමාජයේ බුද්ධිමය දරිද්‍රතාවය බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment