'අගමැතිට බයකුත් නෑ සැකයකුත් නෑ' - අකිල.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු බියක් හෝ සැකයක් නොමැතිව බැඳුම්කර කොමිසම හමුවේ හෙට (20) පෙනී පෙනී සිටින බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙමගින් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන බව ඔහු කියා සිටියි.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම අදහස් පළකළේ මහනුවරදී මාධ්‍යවේදීන් ඊයේ (18) කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමිනි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමට යන්නේ කොමිසමේ කැඳවීමකින් නොව ස්වේච්ඡාවෙන් ම බවත්, මෙය ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ලක්ෂණයක් බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය නම් කොමිසම හමුවට යාම සිය ඉන්දීය සංචාරයෙන් පසුවට කල් දැමීමට තිබුණත් ඔහු ඉන්දීය සංචාරයට පෙර ම කොමිසම හමුවේ පෙනී සිටීමට තීරණය කල බවද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසිය.


ඉකුත් සමයේ මහා පරිමාණ වංචා හා දූෂණ?

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මෙන්ම ඉකුත් සමයේ සිදුවූ මහා පරිමාණ වංචා හා දූෂණ සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂණ සිදුකළ යුතු බව ද ඇමතිවරයා එහිදී අවධාරණය කළේය.

දූෂණ හා වංචා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විසින් විමර්ශන නිමකොට ඇති පරීක්ෂණ 92ක්ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන නිම කර ඇති පරීක්ෂණ 25ක් සම්බන්ධ ලිපිගොනු නීතිපතිවරයාට යවා ඇතත් මෙතෙක් නඩු පවරා ඇත්තේ සිද්ධීන් 13කට පමණක් බැවින් නඩු පැවැරීමේ ප්‍රමාදය පිළිබඳව එජාප පසු පෙළ මන්ත්‍රිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන්ද පසුගියදා අගමැතිවරයාගේ අවධානය යොමු කරනු ලැබ තිබේ.

ඒ, පසුගිය 15දා දහවල් සිරිකොත එජාප මූලස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment