අපි තරු කැට යාකරමු අපි කැමති විදියට ! - වින්ද්‍යා ආරියරත්න

අපි තරු කැට යාකරමු අපි කැමති විදියට ! - වින්ද්‍යා ආරියරත්න

.
කුඩා වළසයි, මහ වළසයි කියන්නේ,
ටෙඩි බෙයාර්ලා දෙන්නෙක්ට
වළාකුළු වගෙ මුදුවට දැනෙන
දිලිහෙන රවුම් ඇස් තියෙන
.
ඒ කඟවේනෙක් !
හොදට බලන්න
නළල මැද්දෑවෙන් අඟකට යාවෙන්න
ඇති තරං තරු තියෙද්දිත්
වෘෂභයෙක් කියන එක හරි මදි නේද
.
සැදෑ අහසක් යටදි
ඔබෙ උරහිසක ඉඩ මට දෙන්න
මං යා කරන්නම් තරු කැට
අහසකට උනත් ආදරේ හිතෙන හැඩ වලට
.

ඇත්තමයි මං බයයි
වළස්සුයි ගෝණුස්සෝයි
දඩයක්කාරයොයි ඉන්න අහසක්
අපි උඩින් තියෙනවට
ග්‍රීක මිත්‍යා කතාවල හිරවෙන්න
මට නම් බෑ ඔන්න!
අපි තරු කැට යාකරමු අපි කැමති විදියට !

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment