නීතිපති සිරිකොතට කැඳවා උපදෙස් ලබා දුන්නේ නැහැ.

නීතිපති සිරිකොතට කැඳවා උපදෙස් ලබා දුන්නේ නැහැ.

 

අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ ඊයේ (2017-11-20) කාරක සභා විවාදය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී විවාදයට එක්වෙමින් සඳහන් කළේ පසුගියදා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳහා නීතිපතිතුමා කැඳවා නඩු කටයුතු කඩිනම් කරන ලෙස දන්වා ඇති බවයි. පාර්ලිමේන්තුව තුළ අධිකරණ අමාත්‍යාංශය තුළ සාකච්ඡා කළ යුතු කරුණු දේශපාලන පක්ෂ කාර්යාලවල සාකච්ඡා කරන තත්වයට රට පත්ව නැති බවත් එවැනි සාකච්ඡා සඳහා නීතිපතිතුමා සහභාගි නොවිය යුතු බව ද මන්ත්‍රිවරයා එහිදි සදහන් කළේය.

මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය සදහා පිළිතුරු ලබාදුන් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේදී සඳහන් කලේ සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි. අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා ගැනීම සදහා කවුරුන් හෝ එම අසත්‍ය ප්‍රකාශය සදහන් කර ඇති බවත් කුමන හේතුවක් නිසාවත් නීතිපතිතුමා සිරිකොත පක්ෂ මූලස්ථානයට හෝ වෙන කිසිදු ස්ථානයකට කැදවීමක් සිදු නොකළ අතර අඩුම තරමේ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමන්ගේ නිවසේදීවත් නිතීපතිතුමා මුණ ගොගැසුනු බව එහිදී අමාත්‍යවරිය සඳහන් කළාය.

පසුගිය මාසෙ 07 වෙනිදා තමයි විශේෂිත මහාධිකරණ පිහිටුවන්න අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තේ. 09 වෙනිදා ඉදිරිපත් කල අය වැයෙන් ගරු මුදල් අමාත්‍යතුමා ඒ සඳහා රුපියල් මිලියන 25 ක මුදලක් වෙන් කළා. කවුරුන් කුමන ආකාරයට කිවුවත් ඔය අසත්‍ය ප්‍රකාශය අපි ප්‍රතික්ෂේප කරනවා යැයි ද අධිකරණ අමාත්‍යවරිය සදහන් කළාය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කලේ නීතිපතිතුමා වැනි රටේ ස්වාධීන අයෙකු පිළිබඳව මෙසේ අසත්‍ය ප්‍රකාශ කිරීම පිලිබඳව කණගාටු වන බවයි. සිසිර ජයකොඩි මන්ත්‍රිවරයා කල ප්‍රකාශය කිසිදු පුවත් පතක සදහන් වී නොමැති බව ද අමාත්‍යවරිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා විසින් පුවත් පතක වාර්තා වූ ප්‍රවෘත්තියක් පදනම් කර ගෙන මෙම ප්‍රකාශය සිදු කළ අතර එවැනි ආකාරයේ කරුණක් කිසිදු පුවත් පතක සදහන් නොවන අතර නිසි ලෙස තොරතුරු නොදැන කළ ප්‍රකාශයක් බව සඳහන් කළ යුතු වේ.


- අධිකරණ හා විදේශ රැකියා අමාත්‍යංශය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment