ජනපතිතුමනි, අගමැතිතුමනි, මේ පිස්සු කෙළිය කවදා ඉවර වේවිද ?

ජනපතිතුමනි, අගමැතිතුමනි, මේ පිස්සු කෙළිය කවදා ඉවර වේවිද ?

 

දහවල් 2.30ට දේශනය සඳහා පැමිණෙන මෙන් පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබුණ ද පොලිස්පතිවරයා පැමිණ ඇත්තේ සවස 5.30ටය. සවස 5.30ට පැමිණි ඔහු රාත්‍රී 11.30 දක්වා තම දේශනය පවත්වා ඇත. දේශනයේ කාලයෙන් අඩක්ම ඔහු වැය කර ඇත්තේ භාවනා ක්‍රම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමටය. භාවනාව ඔස්සේ අපරාධ තුරන් කිරීමෙන් ලෝක වාර්තාවක් තැබීමට පොලිස්පතිවරයා සූදානම් වනවාදැයි අප දන්නේ නැත.

කෙසේවෙතත් මේ අනුව එදින දහවල් කාලයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වාම වයඹ දිසාවේ සෑම පොලිස් ස්ථානයකම සේවයේ නියුතුව සිට ඇත්තේ උප සේවා පොලිස් නිලධාරීන් පමණි. වගකිව යුතු සෑම නිලධාරියකුම එදින සිට ඇත්තේ පොලිස්පතිවරයාගේ දේශනයට සහභාගී වෙමිනි. එම කාල සීමාව තුළ දරුණු රිය අනතුරක් හෝ දරුණු මිනීමැරුමක් වැනි අපරාධයක් වීනම් තීන්දු තීරණ ගැනීමට කිසිදු ඉහළ පොලිස් නිලධාරියකු කලාපය තුළ සිට නැත.

පොලිස්පති පූජිත් ජයසුන්දර තම නොයෙකුත් වැඩසටහන් වලදී කුරුණෑගල දිසාවට වැඩි බරක් තබන්නේ ඉදිරි මැතිවරණයකදී ඔහු කුරුණෑගලින් තරඟවැදීමේ සූදානමකින් පසුවන නිසා බව ද වාර්තා වේ.

ආනමඩුව හෝ හලාවත වැනි ප්‍රදේශයක සිට පොලිස්පතිවරයාගේ දේශනය ඇසීමට කුරුණෑගල නගර සභා ශාලාවට පැමිණෙන නිලධාරියකු එදින උදෑසන 11ටවත් තම සේවා ස්ථානයෙන් පිටත් වී පැමිණිය යුතුය. පොලිස්පතිවරයාගේ දේශනය නිම කෙරුණේ රාත්‍රී 11.30ට හෙයින් ඔහු ආපසු යන විට පාන්දර 2 පමණවත් වනවා ඇත. පසුවදාත් රාජකාරි කිරීම සඳහා නින්දට යාමට හෝ වේලාවක් ඔහුට නැත. ඒ අනුව එවන් නිලධාරියකුගේ සති අන්තය ම පොලිස්පතිවරයාගේ කමකට නැති දේශනයක් නිසා විනාශ වී යයි.

පොලිස්පතිවරයා තමන්ගේ විකාර වැඩසටහන් සඳහා මෙසේ හිතූමතයට පොලිස් නිලධාරීන් කැඳවා කාලය නාස්ති කරන විට ඔවුන්ට රාජකාරියේ නිරත වීමට වේලාවක් නැත, රාජකාරියේ ඵලදායීත්වය ද හීන වී යයි. එහෙයින් පොලිස්පතිවරයා පිස්සු කෙළින විට රටේ නීතියේ ආධිපත්‍ය පිහිටුවන්නේ කෙසේද යන්න අද රට හමුවේ ඇති ප්‍රශ්නය බවට පත් වී ඇත.

සබැඳි පුවත් - 

ඉතිං මොකටද පොලිස් කොමිසම ?

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment