බැසිල්ගේ දිවි නැගුම ලිත් නඩුව කල් යයි

බැසිල්ගේ දිවි නැගුම ලිත් නඩුව කල් යයි

 

මෙම නඩුව අද දිනයේ විභාගයට ගැණුනු අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටින නීතීඥවරයා ප්‍රකාශ කළේ මෙම නඩුව ගිහාන් කුලතුංග මහේස්ත්‍රාත්වරයා හමුවේ විභාගයට නොගෙන වෙනත් විනිසුරුවරයකු හමුවේ විභාග කරන ලෙස ඉල්ලා තමන් අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනුකර ඇති බවත් එම පෙත්සම සලකා බැලෙන්නේ මේ මස 21 වනදා හෙයින් මෙම නඩුව විභාගයට නොගෙන වෙනත් දිනයක් ලබා දෙන ලෙසත්ය.

එහෙත් ඊට විරෝධය පළ කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ ‍ජ්‍යේෂ්ට අධි නීතීඥවරයා ප්‍රකාශ කළේ බැසිල් රාජපක්ෂගේ පාර්ශ්වය මෙම නඩුව දිගින් දිගටම කල් දමා ගැනීම සඳහා මෙම ඉල්ලීම කරන බවත් ඊට ඉඩ නොදෙන ලෙසත්ය.

ඒ අනුව විනිසුරුවරයා විත්තියේ ඉල්ලීම සම්බන්ධ තීන්දුවත් මෙම නඩුව තමන් ඉදිරියේ විභාගයට ගන්නේද නැද්ද යන තීරණයත් අනිද්දා ලබා දෙන බව ප්‍රකාශ කළේය.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment