දකුණු ආසියාවේ වැඩිම දොඹකර හසුරවීම කොළඹදී.


මහකොළඹ නගර සීමාවේ සිටින දරුවන්ගේ රැකියා ප්‍රශ්නය විසදීමට වරාය නගරය යොදාගන්නා බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඊයේ (13) පැවසීය.

මේ වනවිට දකුණු ආසියාවේ වැඩිම දොඹකර ප්‍රමාණයක් හසුරුවන්නේ කොළඹ නගරයේ බවද ඇමතිවරයා සඳහන් කළේය.

සිංහලෙන් හා දෙමළින් උගන්වන ජාතික පාසලක් මැදකොළඹ ප්‍රදේශයට අවශ්‍ය බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මාලිගාවත්ත -ඇපල්වත්තේ ඉදිකළ ලක්සෙත සෙවණ නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී පාඨලි රණවක මහතා මේ බව කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රිපාල  සිරිසේන,ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment