ආණ්ඩුවට එන්න - චම්පිකගෙන් TNAට ඇරයුම්.


ආණ්ඩුවට එක්වී ඇමැති ධුර ලබාගෙන උතුරේ ජනතාවට වැඩි සේවයක් ඉටු කරන ලෙස ඇමැති පාඨලී චම්පික රණවක මහතා දෙමළ ජාතික සන්ධානයට ආරාධනා කර සිටී.

ඇමැතිවරුන් ලෙස කටයුතු කරන ඇතැම් දේශපාලනඥයන්ට වඩා දෙමළ ජාතික සන්ධනාය නියෝජනය කරන සුමන්දිරන් වැනි මන්ත්‍රීවරුන් අවංක යැයි තමන් විශ්වාස කරන බවත්, ඒ නිසා රටේ කැබිනට් මණ්ඩලය තුළ ඔවුන්ගේ නියෝජනයක් අනිවාරයෙන්ම තිබිය යුතු බවත් ඇමැතිවරයා ස`දහන් කර සිටී.

දෙමළ ජාතික සන්ධානය තවදුරටත් විපක්ෂයේ සිටීමෙන් සිදුවන්නේ උතුරේ ජනතාවට බරපතල අසාධාරණයක් බව ද ස`දහන් කරන ඇමැතිවරයා, ඒ තත්ත්වය වැළැක්විය හැක්කේ දෙමළ ජාතික සන්ධානයේ නායකයන් ආණ්ඩුවේ ඇමැතිකම් ගැනීමෙන් බව ද අවධාරණය කරයි.

එවැනි තත්ත්වයක් යටතේ විවිධ මත දරන කණ්ඩායම් වලට සාර්ථකව ජනතාවගේ සියලූ අවශ්‍යතා ඉටු වන ලෙස නීති හැදීමේ සහ කෙටුම්පත් කිරීමේ කටයුතු වලට මැදිහත් වීමට අවස්ථාව ලැබෙන බවත්, සාර්ථකව ආණ්ඩුවක් පවත්වාගෙන යාමට එය වටිනා අවස්ථාවක් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඇමතිවරයා මෙබව සඳහන් කළේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා වන යෝජනා රැගත් අතුරු කමිටු වාර්තාව පිලිබඳ තුන්දින විවාදයට එක්වෙමිනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment