ඇමති සමරවීරගේ රහස් ටෙන්ඩර් දුරකතන ඇමතුම මෙන්න [Video]


තම හිතවතෙකුගේ ටෙන්ඩරයක් ඉදිරිපත් කරන තුරු ටෙන්ඩර් විවෘත කිරීම් කල් දැමූ බව ඇමති රවීන්ද‍්‍ර සමරවීර දුරකතන සංවාදයකදී කිසිවෙකු හා කියා සිටියේය.

අද දිනය දක්වා ටෙන්ඩරය කල් දැමූ බවත් වහා ගොස් ටෙන්ඩරයක් ඉදිරිපත් කරන ලෙසත් ඔහු ඇමතුමේදී සිය හිතවතාට දැන්වීය.

විදේශ සේවා ඇමතිනියගේ ලේකමිවරයෙකු වන ඉන්ද‍්‍රජිත් විජේසූරිය නමැත්තා මුණ ගැසෙන ලෙසත් ඔහු එහිදී කියා සිටියේය.

සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවක් ආරම්භයට පෙර මෙම දුරකතන සංවාදය සිදුව ඇත.

‘රවින්ද‍්‍ර සමරවීර ඇමතිවරයාගේ හිතවතාගේ ටෙන්ඩයර ඉදිරිපත් කරන තෙක් රදවාගෙන සිටින මෙම ටෙන්ඩරය කුමක්ද.. මෙය රජයේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියට අනුකූලදැ’යි සිරස රූපවාහිනිය සිය ප‍්‍රවෘත්ති විකාශණය අතරේදී මෙම වාර්තාව ඉදිරිපත් කරමින් ප‍්‍රශ්න කලේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment