මාස 11ට ළමා අපයෝජන පැමිණිලි 8548ක්

මාස 11ට ළමා අපයෝජන පැමිණිලි 8548ක්

 

මේ අතරින් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ දරුවන් කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් බවත් එවන් පැමිණිලි 2037ක් ලැබී ඇති බවත් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

එසේම අනිවාර්ය අධ්‍යාපනය ලබා නොදීම සම්බන්ධ පැමිණිලි 1298ක් ද ළමුන් නොසලකා හැරීම සම්බන්ධ පැමිණිලි 358ක් ද මේ අතර වන බව එම නිවේදනයේ සඳහන් වෙයි.

එමෙන්ම, ලිංගික අතවර කිරීම් පිළිබඳ පැමිණිලි 481ක් ද බරපතළ ලිංගික අපයෝජන පිළිබඳ පැමිණිලි 284ක් ද ස්ත්‍රී දූෂණ පිළිබඳ පැමිණිලි 322ක් ද ලැබී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම පැමිණිලි අතරින් අතරින් වැඩිම පැමිණිලි ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති බවත් එය පැමිණිලි 1232ක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment