21st Century Fox වත්කම් වෝල්ට් ඩිස්නි හිමිකර ගනී.

21st Century Fox වත්කම් ඇ.ඩො.බිලියන 52.4කට මිලදී ගැනීමට වෝල්ට් ඩිස්නි කැමැත්ත පළ කර තිබේ.

මෙම ගනුදෙනුව යටතේ Fox's හි චන්ද්‍රිකා විකාශනය වන Sky සහ 20th Century Fox චිත්‍රපට ස්ටුඩියෝවේ 39%ක කොටස් අයිතියද ඩිස්නි වෙත හිමිවීමට නියමිතය.

Fox හිමිකාරීත්වය දරණ 86 වියැති රූපට් මර්ඩොක් අඩසිය වසකට වැඩි කාලයක් පුරා සිය මාධ්‍යයේ ගොඩනගන ලද වර්ධනයන් මෙම දැවැන්ත ගනුදෙනුවත් සමග අවසන් වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

සිය පියාගෙන් තමන්ට උරුම වූ ඔස්ට්‍රේලියානු පුවත්පතකින් 21 වැනි වියෙහිදී මාධ්‍ය ජීවිතය ඇරඹූ මර්ඩොක් ලෝකයේ විශාලතම පුවත් සහ චිත්‍රපට අධිරාජ්‍යයා බවට පත්වීමටද සමත් විය.

කෙසේ වෙතත්, 2013 වසරේදී 21st Century Fox වෙතින් වෙන් කෙරුණු News Corp, හෙවත් Times සහ the Sun පුවත්පත් මාධ්‍ය ආයතනයේ අයිතිය තවදුරටත් මර්ඩෝක් වෙත හිමිව පවතිනු ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment