ශ්‍රීලනිප අපේක්ෂකයින් අද : එජාප සංවිධායකවරුන් ජනවාරි 3 කොළඹට.


එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය යටතේ තරග කරන සියළු අපේක්‍ෂකයන් අද (29) දිනයේ කොළඹට කැඳවා තිබෙනවා. කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම අපේක්‍ෂක සමුළුවේදී ඉදිරි පළාත් පාලන මැතිවරණයේ කටයුතු පිළිබදවද ඔවුන් දැනුවත් කිරීමට නියමිතයි. තරග වදින අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් මෙහිදී ප‍්‍රතිඥාවක්ද ලබාදීමට නියමිත බවයි අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් කියාසිටියේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පළාත් පාලන ආයතන 341 ක් සදහා මෙවර තරග වදිනවා. 

එජාප සියලු සංවිධායකවරුන් සිරිකොතට

දිවයින පුරා සිටින, එක්සත් ජාතික පක්ෂ සියලුම ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් කළමනාකරුවන් ලබන ජනවාරි 3 වැනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවන ලෙස එජාප නායක , අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉහළින් ජයග්‍රහණය කරවීම සඳහා මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දැනුම්වත් කිරීමට නියමිතව ඇත. මෙම සමුළුව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ‍‍‍ජ්‍යෙෂ්ඨ නායකයෝ රැසක් සහභාගි වීමටද නියමිතය.


මේ අතර කොළඹ මහනගර සභාවට තරග කරන සියලුම දෙනාද අද ( 29) සවස 3.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා ඇත. එජාප උප නායක රවි කරුණානයක , නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න, මැදකොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජ්බර් රහුමාන් යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වෙති.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment