පුංචි ඡන්දයෙන් එජාපයට 60%ක ජයග‍්‍රහණයක්?


ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් 60%ක ජයග‍්‍රහණයක් ලබා ගන්නා බව ඇමති නවීන් දිසානායක මහතා පවසයි.

මේ බව හෙලි වී ඇත්තේ මෑතකදී කරන ලද සමීක්‍ෂණයක් මගින් බවද ඇමතිවරයා සදහන් කරයි.

තලවාකැලේදී ඇමතිවරයා මේ බව කියා සිටියේ පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එජාප ක‍්‍රියාකාරීන් දැනුවත් කිරිමේ ජනහමුවක් අමතමිනි.

තව දුරටත් ඇමතිවරයා එහිදී කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය තුල නායකත්වය සදහා දෙවැනි පෙලක් තිබුණද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුල එවැන්නක් නැති බවයි.

අද වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නාම යෝජනා ලයිස්තු පිරවීම පවා ගැටළුවක් වි ඇතැයිද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment