සයිටම් සිසුන් 900 ක් රජය අතරමං කරලා


සයිටම් ගැටලුවට සාධාරණ විසඳුමක් නොලැබීමෙන් සිසුන් දහසක පමණ සංඛ්‍යාවක් බලවත් අසාධාරණයකට පත්ව සිටින බව එම උපාධිධාරීන්ගේ සංගමයේ සම කැඳවුමිකරු තරිඳු රුවන්පතිරණගේ  ප්‍රවාත්ති සාකචිඡාවකදී පැවැසීය.


වර්තමානයේ සයිටම් සිසුන් 900ක් පමණ සිටින අතර ඉන් සිසුන් 81 දෙනෙක් උපාධිය අවසන් කර ඇති බවත් වසර අටකට අධික කාලයක් සයිටම් ගැටලුවට විසඳුම් නැතිව ඔවුන් මානසික ගැටළුවකට මුහුණපා ඇති බවත්
සයිටමි ආයතනය අහෝසි කිරීමෙන් පසු බිහිකිරීමට බලාපොරොත්තු වන ආයතනයෙන් අඛණ්ඩව සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාම අභිප්‍රාය වුවද දිනෙන් දින එය කල්යමින් තිබෙන බව ඔහු පවසා ඇත.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් උසස් අධ්‍යන්‍යාපන අමාත්‍යංශයත් දිර්ඝ ලෙස අධීක්ෂණය කර රජයේ ගැසට් නිවේදනයකින් අනුමත කළ වෛද්‍ය උපාධිය හැදෑරීමෙන් පසුව රජයේම තවත් ආයතනයක් වන වෛද්‍ය සභාවෙන් ප්‍රතික්ෂේප වීම දැඩි අසාධාරණයක් බවද ඔවුන් පෙන්වාදේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment