අවදානම මැද මුහුදු ගිය උතුරේ ධීවරයන් අත්අඩංගුවට

අවදානම මැද මුහුදු ගිය උතුරේ ධීවරයන් අත්අඩංගුවට

 

නාවික හමුදාව විසින් ඊයේ දින මන්නාරම් මුහුදු තීරයේදී ධීවරයින් 25 දෙනා අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇති අතර පොලීසිය විසින් අදාළ ධීවරයින් පිරිස මන්නාරම් අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

පසුව නි මන්නාරම දිසා විනිසුරු ඒ.ජේ ඇලෙක්ස් රාජා මහතා ඔවුන්ට දැඩි ලෙස අවවාද කොට නිදහස් කොට තිබේ.

පොලීසිය මෙම ධීවරයින්ව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා ඇත්තේ මේ පිරිස ගැඹුරු මුහුදට නොගිය බවත්, වෙරළාසන්නයේ කුඩා මසුන් මරමින් ඔවුන් පාරම්පරික හා සාම්ප්‍රදායානුකූල ධීවර කර්මාන්තයේ නිරත වූ බවත් ය.

මේ නිසා ඔවුන් ගැන සානුකම්පිතව සිතා බලා ඔවුන් නිදහස් කරන මෙන් නීතිඥවරයා කළ ඉල්ලීමට නාවික හමුදාව හා පොලීසියද මන්නාරම ධීවර අධ්‍යක්ෂවරයා ද විරුද්ධ නොවීම නිසා එම ධීවරයින් 25 දෙනා නිදහස් කොට තිබේ.

අද දිනයේද උතුරු මුහුද අවදානම් තත්වයක පවතින හෙයින් මුහුදු ගමන් යාමෙන් වළකින ලෙසට උතුරේ පිහිටි ධීවර පරික්ෂක කාර්යාල හරහා ධීවරයින් වෙතට දැනුම් දී ඇත.
- වන්නි රොමේෂ් මධුෂංඛ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment