චිලී රැල්ලට එක්වෙයි: කොන්සර්වේටිව් පක්ෂයේ පිනෙරා ජනපති වෙයි!

චිලී රැල්ලට එක්වෙයි: කොන්සර්වේටිව් පක්ෂයේ පිනෙරා ජනපති වෙයි!

 

පිනේරා මහතා 54.4% ඡන්ද ලබාගෙන ජයග්‍රහණය කරනු ලැබුවේ ඔහුගේ ප්‍රධාන තරඟකරුවා වන වාමාංශික පෙරමුණේ අල්කන්ඩ්‍රෝ යිලිඅර් (Alejandro Guillier ) පරාජයට පත් කරමිනි. ඔහුට ඡන්ද හිමිවූයේ 45.43% කි.

මැතිවරණය තෙක් චිලී රටේ  ජනාධිපති ධූරය දැරූ මිෂෙල් බැෂිලේ මහත්මියගේ සහාය හිමිවූයේ අල්කන්ඩ්‍රෝ යිලිඅර් ටය. ඇය සමාජවාදී දේශපාලන තලයක සිට රට මෙහෙයවූ තැනැත්තියකි.

පිනේරා මහතාගේ ඡන්ද පොරොන්දු වූයේ සාංගත බදු අඩුකිරීම (corporate taxes) , ආර්ථික වර්ධනය දෙගුණයක් කිරීම හා තඹ නිෂ්පාදකයින්ගේ දුප්පත්කම තුරන් කිරීමයි.

සෙබෙස්තියන් පිනේරා මහතා දැවැන්ත ව්‍යාපාරිකයෙකි. ඔහු කලින් වතාවකද චිලී ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්ව තිබේ. ඒ 2010-2014 දක්වා කාලය තුළය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment