බියර් පොවා පෙම්වතිය කෙළෙසා ෆේස් බුක් දාන්න ගිය පෙම්වතා මාට්ටු

සිය පෙම්වතියට බීර පොවා මත්කොට ලැඟුමහලකදී ඇය කෙලෙසූ බව කියන පෙට්වතකු එම දර්ශන විඩියෝගත කර පසුව ඒවා ෆේස් බුක් දමනවා යයි බියකර නිවසට ගෙන්වා ගැනීමට යාමේ සිද්ධියක් නිසා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 28 හැවිරිදි මොහු 20 හැවිරිදි පෙම්වතිය මෙසේ

බිය කර ස්ථාන කීපයකට රැගෙන ගොස් අවස්ථා කීපයකදීම කෙලෙසා ඇති බව පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය අනාවරණය කරගෙන ඇත. මෙයින් නොනැවතුණු ඔහු රාත්‍රී කාලයේ තම නිවෙසට ද එන ලෙස පෙම්වතියට දන්වා ඇති අතර එසේ නොපැමිණෙන්නේ නම් සියලු රූපගත කිරීම් මුහුණු පොතේ දාන බව පවසා ඇතැයි පොලිසිය කියයි. ඒ අනුව මෙම තරුණිය පසුගිය දින රාත්‍රී මොහුගේ නිවෙසට ගොස් ඇති අතර මව්පියන් ඇය රාත්‍රියේ නිවසේ නොමැති බව දැන සොයා බැලීමේදි මොහුගේ නිවසේ රාත්‍රිය ගත කොට ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළිවී ඇත. ඒ අනුව මව්පිය ප්‍රශ්න කිරීම් හමුවේ ඇය සියලූ කරුණු අනාවරණය කරමින් සිද්ධිය මුහුණු පොතට ඇතුළත් කරාවි යැයි ඇති වූ බියට ඔහු කියන ආකාරයට හැසුරුණු බව පවසා ඇත. ඒ අනුව සිද්ධිය නාවලපිටිය පොලිසියට පැමිණිලි කොට ඇති අතර ගම්පොළ කොට්ඨාස බාර පොලිස් අධිකාරී නුවන් මෙන්සිස්, ස.පො.අ. චන්ද්‍රසේන බියාඩ්ගාර යන නිලධාරීන්ගේ උපදෙස් මත නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment