ගවර්ස් නඩුවෙන් නාමල් හිරවෙන ලකුණු?


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේෂන් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගණුදෙනුවකදී රුපියල් මිලියන 30ක් අයුතු ලෙස උපයාගැනීම සම්බන්ධයෙන් එම සමාගම නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීම අද (14) සිදු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඊයේ (13) තීරණය කෙළේය.

මෙම ගණුදෙනුවේදී රුපියල් මිලියන 30ක් අයුතු ලෙස උපයාගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරැදි සිදු කිරීම ඇතුළු අධිචෝදනා 11ක් යටතේ නාමල් රාජපක්ෂ, පවිත්‍රා සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සේනානි සමරනායක, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔරනෙලා ඉරේෂා සිල්වා ගවර්ස් කෝපරේට් සර්වියර්ස් සමාගම යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

මේ සම්බන්ධ අධිචෝදනා ඉකුත් ජුනි මස 06 වැනිදා විත්තිකරුවන්ට භාරදෙන ලදී.

ඊයේ (13) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශ්වයෙන් කළ ඉල්ලීමකට අනුව එහි පළමු විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාට මෙම දෙසැම්බර් මස 20 දින සිට 30 වැනිදා තෙක් විදේශගතවීමට අවසරදීමට විනිසුරුවරයා තීරණය කෙළේය.

නඩු විභාගයේදී පැමිණිල්ලේ සාක්කි ලෙස ඉදිරිපත් කර ඇති සියලු ලේඛන වල පිටපත් විත්තිකාර පාර්ශ්වයට ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයාට නියම කරන ලදී. 

ගවර්ස් බිල්ඩිම විකුණලා :

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයිති බවට මාධ්‍ය ඔස්සේ අන්දොලනයට ලක්වූ කොළඹ 05, ගවර් වීදියේ අංක 07 දරන ස්ථානයේ පිහිටි සුපිරි ගොඩනැගිල්ල ‘පැනමා පේපර්ස්‘හි නම් නම සඳහන් ප්‍රසිද්ධ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයකු වන නන්දන ජයදේව ලොකුවිතාන මහතා විසින් 2017.07.02 දින රුපියල් මිලියන 400කට මිලදී ගෙන ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment