ලොව වැඩිම මුස්ලිම් ප්‍රතිශතයක් ජීවත් වන ඉන්දුනීසියාව, සමලිංගික අයිතියට පාර කපයි!

ලොව වැඩිම මුස්ලිම් ප්‍රතිශතයක් ජීවත් වන ඉන්දුනීසියාව, සමලිංගික අයිතියට පාර කපයි!

80% කට වඩා ඉස්ලාම් භක්තිකයන් වෙසෙන ඉන්දුනීසියාවේ මධ්‍යස්ථ මතධාරීන් කණ්ඩායමක් විසින් ඉන්දුනිසියානු අධිකරණය වෙත ගොනු කළ මෙම පෙත්සම මගින් ඔවුන් සදහන් කර සිටියේ නීත්‍යානුකූ විවාහයෙන් පිට සිදු කරනු ලබන අනෙකුත් ලිංගික සම්බන්ධතා නීති විරෝධී ක්‍රියාවක් ලෙස සළකා එවැනි සම්බන්ධකම් පවත්වාගෙන යන පිරිස් නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවයි.

නමුත් මෙම තත්ත්වය පිළිබදව අවධානය යොමු කළ ඉන්දුනීසියානු අධිකරණය එය කිසිසේත් නීතිමය වරදක් නොවන බව පෙන්වමින් පෙත්සම නිෂ්ප්‍රභා කළේය. මේ සම්බන්ධයෙන් අධිකරණයේ විනිසුරන් අතර පැවැත්වූ මත විමසීමේදී විනිසුරන් නව දෙනාගෙන් පස් දෙනෙක්ම මෙම පෙත්සම ඉවත දැමිය යුතු බවට ප්‍රකාශ කර ඇත. මෙම පෙත්සම අධිකරණය වෙත ගෙන ඒමත් සමග ප්‍රබල මානව හිමිකම් සංවිධාන කිහිපයක්ම ඒ සදහා සිය විරුද්ධත්වය ප්‍රකාශ කළ අතර මෙසේ එය ඉවත දැමීම, සමරිසි (LGBT) අයිතිවාසිකම් ව්‍යාපාරය විසින් හිමිකර ගත් විශාල ජයග්‍රහණයක් ලෙස ද ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවසා සිටියි.

1998 වසරේ පටන් ඉන්දුනීසියාව ප්‍රජාතන්ත්‍රවාදය වෙත නැඹුරු වීමක් පෙන්නුම් කළද, ආගම මුල්කරගත් පාලනය තවදුරටත් නවීකරණය විය යුතු බවට ඉන්දුනීසියාවේ වර්තමාන සමාජය විසින් සිදු කරන ලද ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය දැකිය හැකිය. ඉන්දුනීසියානු අධිකරණයේ ප්‍රධාන විනිසුරු අරීප් හිදායත් (Arief Hidayat)මේ සම්බන්ධව ප්‍රකාශ කර සිටියේ මේ වන විට මේ සම්බන්ධව වෛවාහක අනාචාරය පිළිබද පවතින නීති සහ වයවස්ථාව අතර කිසිදු පරස්පරතාවක් නැති බව ය. තවද ආගම්වාදී ප්‍රතිපත්ති සෑදීමට එම අධිකරණයට බලයක් නොමැති බවත් ය.

මේ පිළිබදව අදහස් දක්වමින් ඉන්දුනීසියානු සමරිසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයකු වන ඩේඩේ ඔයෙටෝමෝ (Dede Oetomo) පවසා සිටියේ අධිකරණයේ මෙම නිදහස් තීරණය රටේ ගතානුගතික නීතීන්ට පහරක් වන බවය . එමෙන්ම මෙම පෙත්සම අනාචාරය සම්බන්ධව නොව සමලිංගික අයිතිවාසිකම් අරමුණු කරගනිමින් ගෙන ආ එකක් බවද මේ පිළිබදව අදහස් දක්වන කි‍්‍රරයාකාරීහු පවසා සිටිති.

ඉන්දුනීසියාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිගත් 90 දශකයේ අග භාගයේ රට තුළ අශ්ශීල මාධ්‍ය හා නිර්මාණ වලට විරුද්ධව නීති ගෙනන්නට උත්සහ කළ ආගමික මතධාරීන් පසුකාලීන ව සමලිංගික අයිතීන්ට විරුද්ධවද පෙළ ගැසෙන්නට සූදානමින් සිටින බවද මෙම පෙත්සෙමන් පැහැදිලි වේ . බහුතරයක් ඉස්ලාම් ආගම අදහන රටක නීතිය මේ අයුරින් නිදහස් හා සාධාරණ අයුරින් ක‍්‍රියා කරනු දක්නට ලැබීම ජාත්‍යන්තර ප‍්‍රජාවගේ දැඩි ප්‍රශංසාවට ලක්ව ඇත.


- හංසනී සම්පත්

සමලිංගික සම්බන්ධතා පැවැත්වූ බව කියන ඉන්දුනීසියානු තරුණයන් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ කස පහරට ලක්කරන ලදී ඒහි වීඩිෙයා්වක් 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment