කෙසෙල් නිසා ඊජිප්තු ගායිකාවකට වසර දෙකක සිර දඩුවම් ...

කෙසෙල් නිසා ඊජිප්තු ගායිකාවකට වසර දෙකක සිර දඩුවම් ...

ඇයට මෙම සිර දඩුවමට යටත් වන්නට සිදුව ඇත්තේ කෙසෙල් ගෙඩි ආහාරයට ගනිමින් අඩ නිරුවතින් වෙළද දැන්වීමකට පෙනී සිටීමෙන් අනතුරුවය.

මේ පිලිබදව ඇයට එල්ල වූ චෝදනා වූයේ ඈ රටේ සදාචාරයටත් සංස්කෘතියටත් හානි වන අයුරින් අසභ්‍ය රූප රචනාවක් සදහා සහභාගී වීම හා ඒවැනි රූප රචනා ප්‍රචාරණයට උදවු දීමය.

තමන් අත් අඩංගුවට ගැනීමට පෙර සමාජ මාධ්‍ය ජාලා වල ඈ සදහන් කර සිට ඇත්තේ තමන්ට මේ සදහා සාධාරණ කරුණු ඇති බවත් මෙතරම් වීරෝධතාවක් සමාජයෙන් මේ සදහා එල්ල වනු ඇති බවට තමන් අපේක්ෂා නොකළ බවත්ය.

මෙවැනිම අයුරින් ගීතයක් සදහා සිදු කළ රූපරචනාවකට පෙනී සටීම නිසා පසු ගිය වසරේදී ඊජිප්තු අධිකරණය නර්තන ශිල්පිනියන් තිදෙනෙක් සදහා එක් අයෙකුට මාස 6 බැගින් සිර දඩුවම් නියම කර ඇති අතර තවත් ගායිකාවක අබ්දුල් වහාබ් හට ඈ පෙනී සිටි (Have You Drunk From The Nile?) ගීතය ගායනයෙන් අනතුරුව නඩු විභාගයකට මුහුණ දෙන්නට සිදුව තිබේ. ඒ ඈ ගේ ගායනය හා ඊට අදාළ රංගනය ‘‘නයිල් ගගේ ජලය පානය කරන්නන් අසනීප වන බවට‘‘ පණිවිඩයක් සමාජ ගත කරවන බවට චෝදනා එල්ල වීම නිසාය . අධිකරණය මේ සම්බන්ධව ප්‍රකාශ කර සිට ඇතිතේ ඈ වැරදි පණිවිඩ ප්‍රචාරය කිරීමට සහය වූ බවයි.

ඊජීප්තු නීතිය මගින් සිදු කරන මෙවැනි ක්‍රියා මාර්ග කාන්තාවන් කලාත්මක කටයුතු වලින් ඈත් කිරීමට හේතුවක් වනු ඇති බවට අන්තර්ජාතික ප්‍රජාව මේ වන විට අදහස් දක්වමින් සිටි.


හංසනී සම්පත්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment