ටෙලිකොම් ප්‍රධාන විධායක ඉල්ලා අස්වෙයි!

ටෙලිකොම් ප්‍රධාන විධායක ඉල්ලා අස්වෙයි!

 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මෙම වසරේ ලාභය විශාල ලෙස පහල වැටීම සම්බන්ධයෙන් සභාපති කුමාරසිරි සිරිසේන මහතා සමග බහින්බස් වීමක් නිසා ප්‍රධාන විධායකවරයා මෙම තීරණයට එළඹී තිබේ.

මේ පිළිබඳව මාධ්‍ය ඔහුගෙන් කළ විමසීමකදී විජේසුන්දර මහතා පවසා ඇත්තේ ‘තම නව කළමණාකාර විධික්‍රම සහ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය නොලද බැවින් මෙම වසරේ ලාභය විශාල ලෙස පහත වැටීමේ වගකීම තමා භාරගන්නා බවත් යල්පැන ගිය 21 වැනි සියවසට නොගැලපෙන ව්‍යාපාරික ක්‍රමවේදයන් මතම සභාපතිවරයා හා අධ්‍යක්ෂක මණ්ඩලය පූර්ණ විශ්වාසය තබා ඇති තත්වයක් තුළ තවදුරටත් තමන්ට ප්‍රධාන විධායක ධූරයේ ක්‍රියාකිරීමට අපහසු බැවින් තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

කැනඩාවේ ද්විත්ව පුරවැසියෙකු වන දිලීප විජේසුන්දර මහතා මීට පෙර මංගල සමරවීර මහතා වරාය හා ගුවන් අමාත්‍යවරයා ලෙස ක්‍රියාකළ අවධියේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙසද ක්‍රියාකලේය. යහපාලන ආණ්ඩුවේ ප්‍රථම ටෙලිකොම් ඇමතිවරයා ලෙස මංගල සමරවීර මහතා ක්‍රියාකළ අවධියේ දිලීප විජේසුන්දර මහතාව ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක ධූරයට පත්කරනු ලැබීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment