පවුල් සමාගමක් : ඩඩ්ලිත් දේශපාලන කරළියට?


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාත් දේශපාලන ප්‍රවේශයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

රාවය පුවත්පත වාර්තා කරන පරිදි ඔහු පළාත් පාලන මැතිවරණයෙන් පසුව හෝ ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය එක් කිරීමටත්, ශ්‍රීලනිපයේ දෙවැනි නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙනඒමටත් උත්සාහයක පසුවන බව දක්වා තිබේ.

එසේම ඩඩ්ලි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නොනිල නායකයා ලෙස සැලැකෙන බැසිල් රාජපක්ෂ මහතා සමඟ දුරකථනයෙන් කිහිප අවස්ථාවක් සාකච්ඡා කර ඇති බවද දැක්වේ.

කෙසේවුවද, ගෝඨාභය මහතා දෙවැනි නායකයා ලෙස ගෙනඒමට බැසිල් හා නාමල් රාජපක්ෂ පවුලේම කිහිපදෙනෙකුගේ විරෝධයක් ඇති බවද පැවසේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment