හලාවත එජාප සංවිධායක ශ්‍රීලනිපයට එයි.


හලාවත ආසනයේ එජාප සම සංවිධායක ලෙස කටයුතු කළ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද (15)  ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා හලාවත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නියෝමාල් පෙරේරා මහතාගේ නිවසේ පැවති රැස්වීමකදී හිලරි මහතාගේ පක්ෂ මාරුව සිදුවී ඇත.

හිලරි ප්‍රසන්න මහතා සමඟ එක්සත් ජාතික පක්ෂයේ ග්‍රාමීය නායකයින් 40 දෙනෙකු පමණ මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් වූහ.

මෙවර පළාත් පාලන මැතිවරණයට හිලරි මහතා හලාවත නගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment