කිලිනොච්චියේ මහ කැලයක බුරුත ගස් කැපූ 4ක් දැලේ



කිලිනොච්චියේ මහ කැලයක් විනාශ කරමින් ඒ ප්‍රදේශය පුරාම බුරුත ගස් කැපූ සැකකරුවන් හතර දෙනකු කිලිනොච්චිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිලිනොච්චියේ

උදයනගර් ප්‍රදේශයේ මහ කැලයේදී රුපියල් ලක්ෂ අටක් වටිනා බුරුත දැව කඳන් තොගයක් සමඟ මේ පිරිස අත්අඩංගුවට පත්වූයේ 24දා උදෑසනදීය.
සැකකරුවන් මහ කැලයේ සිට වාහන දෙකක පටවාගෙන බුරුත කඳන් 78ක් රැගෙන යෑමට උත්සාහ කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කිලිනොච්චිය පොලිසිය විසින් එක්වරකදී අත්අඩංගුවට ගත් විශාලතම බුරුත කොට තොගය මෙය බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් බුරුත දැව කඳන් තොගය හා සැකකරුවන් හතර දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment