රජීව් ගාන්ධි ඝාතනයේ වැරදිකරුවන් හොයන්න ලංකාව සහාය දී නෑ

රජීව් ගාන්ධි ඝාතනයේ වැරදිකරුවන් හොයන්න ලංකාව සහාය දී නෑ

රජීව් ගාන්ධි ඝාතනනට වරදකරු වූ ඒ.ජී පෙරාරිවලන් විසින් මෙම ඝාතන නඩුව නැවත කැඳවා තම දඩුවම අත්හිටුවන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී ඉන්දියානු මධ්‍යම විමර්ශන මණ්ඩලය මේ බව හෙළිකර තිබුණි.

1991 වසරේදී හිටපු ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි මහතාව ඝාතනය කිරීම සඳහා බෝම්බ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෝල්ට් 9 බැටරි සැපයීමේ වරදට පෙරාරිවලන් හට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් එරට අධිකරණය විසින් ලබාදී තිබුණි.

ඉන්දියානු මධ්‍යම විමර්ශන මණ්ඩලය විසින් පෙරාරිවලන්ගේ පාපොච්චාරණයේ කොටසක් ඉවත දමා ඇති බවත් තමා සපයනු ලැබූ බැටරි කුමන අරමුණක් වෙනුවෙන් සැපයූවේද යන්න පිළිබඳව තමා නොදැන සිටි බවත් ඔහු අධිකරණයට ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව තම නඩුව නැවත සලකා බලන ලෙස ඉල්ලා ඔහු පසුගිය වසරේ අභියාචනයක් ඉදිරිපත් කළේය.

පෙරාරිවලන්, තමන්ගේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී බෝම්බ නිෂ්පාදනය කරනු ලැබූ පුද්ගලයා ශ්‍රී ලංකාවේ සිටින බවත් තවමත් ඒ පිළිබඳව කිසිම විමර්ශනයක් මගින් අදාළ පුද්ගලයා කිසිදු ප්‍රශ්න කිරීමකට ලක් නොකළ බවද පැවසුවේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment