සුරාබදු දෙපාර්තමේන්තුව මංගලගෙන් ගැළවීමේ තැතක්

සුරාබදු දෙපාර්තමේන්තුව මංගලගෙන් ගැළවීමේ තැතක්

බොහෝ විට අද මධ්‍යම රාත්‍රියේ මෙම තීරණය විශේෂ ගැසට් පත්‍රයක් හරහා ක්‍රියාවට නැංවෙනු ඇත.

මෙය ජනාධිපතිවරයාගේ තීරණයක් බව ද දැනගන්නට ලැබේ. එසේම සුරාබදු දෙපාර්තමේන්තුව පවරාගන්නට සැලසුම් කරන්නේ ද  ජනාධිපතිවරයා යටතට ය.  

පසුගිය අයවැය මගින් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හඳුන්වා දුන් ප්‍රගතිශීලී සහ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති යටතේ බියර් මිල අඩුකිරීම මෙන්ම, කාන්තාවන්ට මත්පැන් විකිණීම හා පරිභෝජනයට ඉඩකඩ සලසා දෙන නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීම ද සිදුවිය. අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් ජනතාව අතර ප්‍රසාදයට ලක් වෙද්දී එය ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයන්ගේ නොසතුටට හේතු වී තිබේ.

විශේෂයෙන්ම කාන්තාවන් සහ මත්පැන් පිළිබඳ මංගලගේ ගැසට් පත්‍රය අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික තීරණයෙන් අවලංගු කිරීමට එරෙහිව සමනලී ෆොන්සේකා ඇතුළු 11 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම පිටුපස සිටින්නේ මංගල සමරවීර අමාත්‍යවරයා බවට පැතිර යන ආරංචිය හේතුවෙන් ජනාධිපතිවරයා නොසන්සුන් වී සිටින බව ද අභ්‍යන්තර මූලාශ්‍රවලින් අපට සනාථ වේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තවත් ප්‍රබලයෙකු වන මලික් සමරවික්‍රම මහතාගේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ ඇමති ධුරය ද මේ වන විට පවතින්නේ අවදානම් කලාපයක ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment