කටාර් එමීර්වරයා සිය පවුල සමග ලංකාවේ සංචාරයක

කටාර් එමීර්වරයා සිය පවුල සමග ලංකාවේ සංචාරයක

ඒ අනුව ඔහු මේ මස 25 සිට 28 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇති අතර එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ නායකයන් කිහිප දෙනෙකුම හමුවනු ඇති බවට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට සිය සහෝදර රටවල් වන සවුදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවල් බොහොමයක රාජතාත්ත්‍රික විරෝධතා මාධ්‍යයේ අර්බුද රැසකට මුහුණ දෙමින් සිටියද සිය ආර්ථික සහ දේශපාලනික ස්ථාවරත්වය ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යාමට කටාර් රාජ්‍යයට හැකි වී තිබේ . ලෝකයේ තවමත් ඒක පුද්ගල ආදායම වැඩිම රට ලෙස සැළකෙන්නේ කටාර් රාජ්‍යයයි. ශ්‍රී ලාංකිකයෝ ද විශාල ප්‍රමාණයක් කටාර් හි රැකියාවල නිරත වෙමින් සිටිති. තවද 2022 ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අනුග්‍රාහක රට වන්නේ ද කටාර් රාජ්‍යයයි.

පසුගිය වසරේ අගභාගයේ දී කටාර් හි නිළ සංචාරයක යෙදෙමින් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කළ ආරාධනයට ප්‍රතිචාර ලෙස එමීර්වරයා මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා සහභාගි වෙයි.

ඔහුගේ මෙම සංචාරය අතරතුර දෙරටේ ඉදිරි රාජතාන්ත්‍රික හා ආර්ථික සහයෝගිතාවය වෙනුවෙන් තීරණ කිහිපයකටම එළැඹීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාශය නිවේදනය කර සිටියි.

- හංසනී සම්පත්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment