දෙපා බැඳි රැහැන් පට
දිගු කරන්නට මිසක
සිපිරිගෙයි කවුළු දොර
අගුළු බිඳ දමන්නට
රැකවලුන් ගෙන් මිදී
දෙපාමත හිඳින්නට
හිරු එළිය සඳ කිරණ
තුරු සෙවන රැඳෙන්නට
නුඹට වෙර නැති හැඩය !
චිරන්තන කැඩපතින්
පෙනෙන පිළිබිඹුව මිස
ඇතුළු ගැබ වැඩ හිඳින
රාජිණිය දකින්නට
අණ පණත් සැර වැඩිය
කුලදෙටු බෙර පදය
වයන විට පා තියන
තිරය පිටුපස රඟන
නිළිය නුඹ අසරණය!
සල්පිලේ අලෙවි වන
උපන් ගෙයි මිනිස්කම
දැක දැකත් එදිරිවී
මුව විවර කළ නොහෙන
දාදු පෙත පුරහාම
විතැන් වන පස ඇටය
අහෝ ණැනවත් උගත්
නුඹ වුණත් අසරණයි!
0 comments :
Post a Comment