සිද්ධිය මෙසේය.
පාසැලේ 2,3, 4, ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන දරුවන්ගේ ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනය කරන මුවාවෙන් ඊපොක් එක්සැමිනේෂන් නමින් හදුන්වා ගත් කණ්ඩායමක් ( EPOCH Examination ) පාසැල් සහ උපකාරක පන්ති ඉලක්ක කර ගනිමින් ඇගයීම් විභාගයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
විභාගයක් පවත්වන බව දැනුම් දී ඇත්තේ අදාළ ප්‍රදේශයේ පාසැල්වල සිටින පන්තිභාර ගුරුවරයා හරහාය. ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක සරත් සන්දනායකගේ ‘සත් සහන. පදනමෙන් මෙම විභාගයට අනුග්‍රහය දක්වන බව පැහැදිලිව එම අත්පත්‍රිකාවේ සඳහන් කර ඇත්තේ රජ්‍ය ලාංඡනයද සහිතවය. ඊපොක් යනු පෞද්ගලික ආයතනයකි. ඒ සඳහා අනුග්‍රහය දැක්වීමට රජයේ ලාංඡනය භාවිතා කරමින් පාසැල් ඔස්සේ ප්‍රචාරක කටයුතු කිරීම වෙනමම කථා කළ යුතු මාතෘකාවකි.)
මෙම අත්පත්‍රිකාවේ සඳහන් පරිදි විභාගය සඳහා ඉල්ලුම් කළ යුතුය. අත්පත්‍රිකාවේ වික්‍රමසිංහ බත්තරමුල්ල යන ලිපිනය තිබීමත් පාසැලෙන් මේ සඳහා යොමු කිරීමත් යන කාරණා පදනම් කරගෙන දෙමාපියන් මෙම විභාගයට තම දරුවා වෙනුවෙන් අයදුම් කර තිබේ. මේ අතර සංවිධායකයින් විසින් විභාගය සඳහා උපකාරක පන්ති පවත්වා ඇත.
විභාගයට අයදුම් කිරීමෙන් අනතුරුව විභාග ගාස්තුවක් ඉල්ලා ඇති අතර එය රුපියල් 650/= කි.
එම මුදල ලංකා බැංකුවේ 81878479 අංකය දරණ ගිණුමට බැර කර එහි රිසිට් පත සමග විභාගයට පෙනී සිටින ලෙස දන්වා එවා ඇත. මෙම විභාගය සඳහා දරුවන් පන්සීයකට අධික ප්‍රමාණයක් ඉල්ලුම් කර ඇත. මුල් දින වකවානුවල ගිණුමේ මුදල් තැන්පත් කිරීමට කිසිදු බාධාවක් නොතිබුණද පසුව මුදල් තැන්පත් කිරීමට ගිය දෙමාපියන්ට බැංකුව පවසා තිබුනේ එම ගිණුම අත්හිටුවා ඇති බවකි.
මේ පිළිබඳව කලබලයට පත්වූ දෙමාපියන් අදාළ ආයතනයේ දුරකතන අංකයට කතා කොට ඇති අතර එහිදී පවසා තිබුනේ බැංකු ගිණුමේ අංකය වැරදි බැවින් බැංකුවට මුදල් තැන්පත් නොකරන ලෙස තමන් දන්වා එවූ බවත් විභාග මධ්‍යස්ථානයේදී අදාළ මුදල් ගෙවිය හැකි බවත්ය.
මේ අතර ලැබුණු විභාග අයදුම්පත්‍රයේ විභාග මධ්‍යස්ථාන ලෙස නම් කර තිබුණු රජයේ පාසැල් අතර පහත පාසැල් ද වෙයි.
එම පාසැල් වනුයේ
තල්දූව බෞද්ධ විද්‍යාලය
අවිස්සාවේල්ල ජනාධිපති
ගැටහැත්ත අනුර
හිග්ගසන්සේන ප්‍රාථමික විද්‍යාලය
ඇහැලියගොඩ ප්‍ර දේශයේ දරුවන් රැගෙන පසුගිය ඉරිදා (31) උදෑසන 8 ට දෙමාපියන් ගැටහැත්ත අනුර විද්‍යාලයට ලගා වී ඇත. එවිට දැන ගන්නට ලැබුනේ අදාළ විභාගය පාසැලේ නොපවත්වන ලෙස බලධාරීන් දන්වා එවා ඇති නිසා විභාගය පෞද්ගලික ආයතනයක් වන සිපෙල්කා ආතයනට රැගෙන ගොස් ඇති බවයි.
මෙසේ විභාගය සම්බන්ධ විවිධ සැක කටයුතු සිදුවීම් ගණනාවකට මුහුණ දීම නිසා දැනුවත් දෙමාපියන් අදාළ විභාගය පැවැත්වෙන ස්ථානයට ගොස් විභාගය පැවැත්වීමට කටයුතු කරමින් සිටි සංවිධායකයින්ව ප්‍රශ්න කර පෙළඹී තිබේ. එවිට සංවිධායකින් දෙමාපියන්ගේ මුදල් ආපසු ගෙවීමට කටයුතු කර ඇත.
සංවිධායකයින් විසින් මුදල් ආපසු ලබා දීම
සිද්ධිය දුරදිග යාම නිසා තත්වය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය විය. පසුව 119 අමතා පොලිසිය කැඳවීමට දෙමාපියන් වග බලා ගෙන ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් ඇහැලියගොඩ පොලිස් ස්නාධිපති ලාල් රවීන්ද්‍ර හෙලිකලේ
කෙසේ වෙතත් පොලිසියද මැදිහත් වී ආදාළ දෙමාපියන්ගේ මුදල් ආපසු ගෙවීමට පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන දරුවෙකුගේ පියෙකු සඳහන් කලේ
මෙම අනුර විද්‍යාලයේ විභාගය නොපැවැත්වුවද අනිකුත් රජයේ පාසැල්වල මෙම පෞද්ගලික විභාගය පැවැත්වීමට සංවිධායකන්ට හැකිව තිබේ.
වැඩි විස්තර පසුවට
කැළුම් ශ්‍රීපාලි / කුමී විජේවර්ධන
0 comments :
Post a Comment