ගෝඨාව රකින්න 'වැලිකඩ වාර්තාව' සඟවලා?


වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් 27 දෙනෙකු නම් ලැයිස්තුවකට අනුව තෝරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන වගඋත්තරකරුවා වී සිටින වාර්තාව දේශපාලන බලපෑම් මත අධිකරණ ක්‍රියාමාර්ග කිසිවෙකට යොමු නොකර රඳවා තබාගෙන සිටින බව 'lankatruth' වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙම සමුහ ඝාතනය පිළිබඳ පරීක්ෂා කර බැලූ කොමිෂන් සභා වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් විසින් පරීක්ෂා කර බලා වාර්තා සකස් කර ඇත.

ඉන් ප්‍රධාන කිහිපයක්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතාට භාර දී තිබුණි.

එසේ භාර දී මේ වනවිට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී තිබේ. එහෙත් ඒ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග කිසිවෙකට මේ දක්වාම මුල පුරා නැත.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමට සෘජුවම නියෝග දී ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨභය රාපක්ෂ මහතා බව සාක්ෂි සහිතව තහවුරු වී තිබෙන බව අනාවරණය වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට ඇමෙරිකාවේ ලෝස් ඇන්ජලීස් නුවරට ගොස් සිටියි.

ඔහු අත්අඩංගුවට පත්වීම වැලැක්වීම සඳහා එසේ රටින් යාමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පසුගියදා ප්‍රසිද්ධ වේදිකාවේදී ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment