දලයි ලාමා තුමන් වැඩ වෙසෙන වෙලාවේ බුද්ධ ගයාවෙන් බෝම්බ දෙකක්



ඊයේ 19 සිකුරාදා සවස සවස 2.30 ට පමණ ටිබෙට් ආගමික නායක  දලයි ලාමා ඉන්දියාවේ  බුද්ධ ගයා මහා බෝධි බෝධි වන්දනා මධ්‍යස්ථානයේ වැඩ සිටි වේලාවේ බෝම්බ 2 ක් හමුවී තිබේ.

 2013 ජුලි මාසයේ දී මහාබෝධි විහාර සංකීර්ණයේ දී සිදුවූ බෝම්බ පිපිරීම්වලින් පසු දැඩි ආරක්ෂාවක් සපයා තිබියදීත් මෙම බෝම්බ හමුවීම ගැටලුකාරීවී තිබේ.

පුද්ගලික ආරක්ෂක භටයන් යොදවා පසුගිය කාලය පුරා එහි ආරක්ෂාව තර තර තිබුණි.
පොලිස් නිලධාරියෙකු වන එන්. කේ. ඛාන් පවසා සිටියේ  බුද්ධගයා භූමියේ ක්‍රීඩාංගණයෙන් කුඩා බෝම්බයක් පුපුරා යාමේ ශබ්ද ඇසී සිදු කළ පරීක්ෂාවේදී අනෙක් බෝම්බ දෙක හමුවූ බවයි.
කිලෝග්‍රෑම් 10 බැගින් බරැති කේන් බෝම්බ 2 ක් වූ අතර එරට බෝම්බ නාශක අංශය මෙම බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට ජන ශූන්‍ය කළාපයකට ගෙන ගිය බව වාර්තා වේ.
දලයි ලාමා තුමන් තවත් සතියකින් විශ්‍රාම යන බවට නිවේදනය කර තිබෙන අතර අවසාන වශයෙන් ජනවාරි මාසය පුරා බුද්ධ ගයාවේ නවාතැන්ගෙන සිටින බව දන්වා එහි සිටියදී මෙම අත්දැකීමට මුහුණ පා ඇත.
ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් අවසන් පූජාවට ඊයේ සහභාගි වීමෙන් අනතුරුව මෙම බෝම්බ සොයා ගෙන තිබේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment