රුසියාවෙන් ගෙනා ඇස්බැස්ටෝස් අලෙවිය බැහැලා



රුසියාවෙන් මෙරටට ආනයනය කරන ඇස්බැස්ටෝස් ප්‍රමාණය පසුගිය වසරේ මුල් මාස 8 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 13 දක්වා පහළ බැස ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු
අමාත්‍යාංශය පවසයි.

2016 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 28ක ඇස්බැස්ටෝස් අලෙවි කර ඇති අතර 2017 මුල් මාස 8 තුළ පමණක් එම ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 13 දක්වා පහළ බැස ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

පසුගිය ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලංකාවේ ඇස්බැස්ටෝස් නිෂ්පාදනය, භාවිතය සහ ඊට අදාළ අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමට තහනමක් තිබුණද එය ඉවත් කර ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

අනුරාධා හේරත්



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment