ගායක රජීව් සෙබස්තියන් අත්අඩංගුවට?


ගායක රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්නැයි මාරවිල අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.

සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමට රුපියල් ලක්ෂ තුනක අත්තිකාරමක් ලබාගෙන එම ප‍්‍රසංගය නොපවත්වා මුදල් වංචාවක් සිදුකළ බවට ජනප‍්‍රිය ගායක රජිව් සෙබස්තියන් මහතාට එරෙහිව වෙන්නප්පුව පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මාරවිල මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කේමින්ද පෙරේරා මහතා ගායක රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට පෙරේදා (15) නියෝග කළේය.

වෙන්නප්පුව හෝටල් පරිශ‍්‍රයකදී 2017 අගෝස්තු 04 වැනිදා ”සරඹ” නමින් සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීම සඳහා ප‍්‍රවීණ ගායන ශිල්පීන් වන සුනිල් පෙරේරා, ඇනස්ලි මාලේවන හා ඩෙස්මන් සිල්වා සහභාගි කරවන බවට පෙරොන්දු වී රුපියල් ලක්‍ෂ තුනක අත්තිකාරම් මුදලක් ලබාගෙන සංගීත ප‍්‍රසංගය පැවැත්වීම පැහැර හැරිය බවට එම ප‍්‍රසංගයේ සංවිධායකවරයෙකු වන වෙන්නප්පුව දුම්මලදෙණියේ එච්.ඩී. ටර්සියන් ක‍්‍රිස්ටි රත්නප‍්‍රිය මහතා වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර තිබිණි.

මෙම මුදල ආපසු ගෙවීම සඳහා රජිව් සෙබස්තියන් පැමිණිලිකරුට රුපියල් ලක්ෂ තුනක චෙක්පතක් ලබා දුන් නමුත් එම චෙක්පත අගරුවී ඇති බවද පැමිණිල්ලේ සඳහන් විය.

මේ අනුව මුදල් වංචාව, සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාපරාධී සාවද්‍ය මුදල් පරිහරණය ඇතුළු චෝදනා කීපයක් යටතේ ණය අයකිරීමේ පනතේ මොහුට එරෙහිව අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වෙන්නප්පුව පොලිසිය පැවසී ය.

සිද්ධියට අදාලව වෙන්නප්පුව පොලිසිය විමර්ශන කටයුතු සිදු කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment