රට බෙදීම වැලැක්විය හැක්කේ ජන කොටස් අතර සමගිය ඇති කිරීමෙන් පමණයි - අනුර කුමාර

රට බෙදීම වැලැක්විය හැක්කේ ජන කොටස් අතර සමගිය ඇති කිරීමෙන් පමණයි - අනුර කුමාර

 

‘දෙමළ කොනා සිංහල කෙනා එක්කත් සිංහල කෙනා දෙමළ කෙනා එක්කත් ක්‍රෝධයෙන් වෛරයෙන් සැකෙන් බලන්න පටන්ගත්තොත් මේ ජන කොට්ඨාසයන් බෙදෙන බව ඒ මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිශානායක මහතා මේ බව කියා සිටියේ පසුගිය 16 වනදා අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ තිබු ජනරැලියක් සදහා සහභාගි වෙමිනි.

''මහින්ද මහත්තයා කියනවා මේ ඡන්දෙදි මහින්ද මහත්තයලට ඡන්දෙ දුන්නෙ නැත්නම් රට බෙදෙනවලු. රට බෙදෙන එක වලක්වා ගන්නත් මේ ඡන්දෙන් පුළුවන්ලු. බොරු දෙකයි එතන. එකක් රට බෙදෙන්නෙ නෑ. අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ කියලා ප්‍රධාන ජන කණ්ඩායම් ගණනාවක් ජීවත් වෙනවා. අපේ රට බෙදෙනව නම් බෙදීමේ අනතුර තියෙන්නෙ මේ ජන කණ්ඩායම් අතර ජාතිවාදය ඇවිස්සුනොත් තමයි. ජාතිවාදයෙදි එක් ජාතිවාදයක් විසින් තව ජාතිවාදයක් පෝෂණය කරනවා. සිංහල ජාතිවාදය උත්සන්න වුණොත් ඊට ප්‍රතිපක්ෂව දෙමළ ජාතිවාදය වර්ධනය වෙනවා.''

'''රාජපක්ෂ මහත්මයාට මේ ජාතිවාදය වර්ධනය වෙන එක වලක්වන්න බෑ. ඔහු ප්‍රධාන වශයෙන් ගත්තොත් ජාතිවාදයට උල්පන්දම් දෙන්නෙක්. ජනාධිපතිවරණෙන් පරාද වුණාට පස්සෙ එතුමා කරපු කථාවෙදි එතුමා කියනවා එතුමා පරාද වුනේ දෙමළ මුස්ලිම් ඡන්ද හින්දා කියලා. ඔහු වසර 10ක් රටේ ජනාධිපතිවෙලා ඉඳලා එතුමා කියනව නම් පරා‍ද වුණේ සුළු ජාතීන්ගෙ ඡන්ද හින්දා කියලා, ඒකෙන්ම පෙන්නුම් කරනවා ඔහු කවර වර්ගයේ ජනාධිපතිවරයෙක් ද කියලා. ඒ නිසා රට බෙදීම වැලැක්විය හැකි වන්නේ ජාතික සමගියෙන් බවයි අනුර කුමාර දිසානායක අවධාරණය කරන්නේ .

''කඩවත දී එතුමා ප්‍රකාශයක් කළා එතුමාලට ඡන්දය දුන්නෙ නැත්නම් ඊළම හැදෙනවා කියලා. ඊළම කියන කාරණය අඩුම තරමේ දෙමළ පුරවැසියෙක්වත් කථාකරන්නෙ නෑ. ඒ නිසා මේ මැතිවරණෙදි ජී එල් රාජපක්ෂ පාර්ශවය මේ ගෙනයන කරුණු දෙකම වැරදියි. '


රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

ralley

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment