ඒ අනුව ජනාධිපති කොමිෂන් සභාව පිහිටුවීමට අදාල ගැසට් නිවේදනයට අද (02) ජනාධිපතිවරයා අත්සන් තබා ඇති අතර එම ගැසට් නිවේදනය අද රාත්රියේදී නිකුත් කිරීමට නියමිත වේ.
අද කුරුණෑගල පඬුවස්නුවර ප්රදේශයේ පැවති රැළියකදී මේ බව ජනාධිපතිවරයා විසින් අනාවරණය කෙරිණි. එහිදී ජනාධිපතිවරයා මේ බව හෙළි කරමින් 'මම දැන් එන්න කළින් වැඩක් දීලයි ආවේ. ශ්රී ලංකන් සහ මිහින් ලංකා ගැන ජනාධිපති කොමිසම පිහිටුවන ගැසට්පත්රයට අත්සන් කරලයි ආවේ' යනුවෙන් ප්රකාශ කළේය.
මෙම කොමිසම ජනවාරි මස මුලදී පිහිටුවන බව ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 24 වැනිදා ප්රකාශ කළ අතර එහෙත් එය ප්රමාද කෙරිණි.
දින 100 ආණ්ඩුව යටතේ ශ්රීලංකා ගුවන් සමාගමේ දූෂණ වංචා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අගමැතිවරයා විසින් ජේ.සී. වැලිඅමුණ මහතාගේ ප්රධානත්වයෙන් කමිටවුක් පත්කළ අතර එම කමිටුව විසින් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ද සකස් කළ නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්රියාමාර්ගයක් මේ වනතෙක් ගෙන නොමැත.
පසුගිය නොවැම්බර් මාසයේදී මෙම ජනාධිපති කොමිසම පිහිටුවීම සඳහා කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළ අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ද හිමි විය.
UN
0 comments :
Post a Comment