සෑම පිරිමියෙකු තුළම යම්කිසි සමලිංගික ගතියක් තිබේ.. - නවතම පර්යේෂණයක් හෙළිදරව් කරයි.

සෑම පිරිමියෙකු තුළම යම්කිසි සමලිංගික ගතියක් තිබේ.. - නවතම පර්යේෂණයක් හෙළිදරව් කරයි.

පට්ටම පට්ට පිරිමි, එහෙමත් නැත්නම් දාර පිරිමි, ගෑණු විතරක් පතන පිරිමි යනාදී වශයෙන් සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන ආකාරයේ විෂම ලිංගික පිරිමි යනුවෙන් පිරිසක් නොමැති බව පෞරුෂත්වය හා සමාජ මනෝ විද්‍යාව ජර්නලය විසින් සිදුකළ පර්යේෂණ පත්‍රිකාවකින් සොයාගෙන තිබේ. මෙය තරමක් දුරට පිරිමි සංහතිය සසල කරවන ආකාරයේ පර්යේෂණ සොයාගැනීමක් විය හැකි අතර “අපි පට්ට පිරිමි අඩෝ, තොපි පො...... යෝ ”කියන අයට දිරවාගත නොහැකි ප්‍රවෘත්තියක් විය හැකිය.

සමරිසියෙකු වීම හෝ ද්විරිසියෙක් වීම නිගාවක් කොට සලකන, එවැනි ලිංගික අනන්‍යතා ඇති මිනිසුන්ව කොන්කරන, සමච්චලයට ලක්කරන පිරිමි සංහතියට තමන්ගේ ලිංගික නැමියාව පිළීබඳ ස්වයං පර්යේෂණයක් කිරීමට දැන් කාලය එළඹ තිබේ. මෙම පර්යේෂණ වාර්තාව උපුටා දක්වන පර්යේෂකයින් ප්‍රකාශ කරන්නේ “සම්පූර්ණයෙන්ම විෂම ලිංගික ගැහැණු හෝ පිරිමි සිටිය නොහැකි බවයි”.

මෙම අධ්‍යයනයේදී විෂම ලිංගික යැයි කියාගන්නා එසේත් නැතිනම් විරුද්ධ ලිංගිකයන්ට පමණක් ආකර්ශනය වන ගැහැණුන් හා පිරිමින්ගේ කණ්ඩායමක් පර්යේෂණ නියැඳිය ලෙස තෝරාගෙන ඇති අතර ඔවුන්ට විවිධාකාරයේ ලිංගික ක්‍රියාකාරකම් ඇතුළත් වීඩියෝ දර්ශන නැරඹීමට අවස්ථාව ලබාදී ඇත. එමගින් ඔවුන් උත්සාහ කර ඇත්තේ විවිධාකාරයේ ලිංගික ක්‍රියාකාරකම්වලට ඔවුන් ප්‍රතිචාර දක්වන ආකාරය තේරුම් ගැනීමයි. එසේත් නැතිනම් කොයිතරම් දුරට එම ක්‍රියාකාරකම් මගින් ඔවුන් උත්තේජනයට පත්වෙන්නේද යන්න සොයා බැලීමයි. එහිදී මෙම විෂම ලිංගික යැයි කියාගන්නා කණ්ඩායමේ කායික ප්‍රතිචාර නිරීක්ෂණය කළ කෝනල් විශ්වවිද්‍යාලයයේ සංවර්ධන මනෝවිද්‍යාව පිළිබඳ අධ්‍යක්ෂ රිච් සැවින් විලියම්ස් මෙලෙස ප්‍රකාශ කළේ “ අපි රැස්ව සිටි පිරිමින්ට කාන්තාවක් විසින් ස්වයං වින්දනයේ යෙදෙන දර්ශනයක් පෙන්නුවා. ඔවුන් එයට සාමාන්‍යයෙන් විෂම ලිංගිකයින් ප්‍රතිචාර දක්වන ආකාරයටම ප්‍රතිචාර දැක්වුවා. එහෙත් පුරුෂයෙකු විසින් ස්වයං වින්දනයේ යෙදෙන දර්ශනයක් ඔවුන්ට පෙන්වත්දී ඔවුන්ගේ ඇස් දීප්තිමත් වුණා. ඇස් ලොකු කරගෙන ඒ දෙස බලා සිටියා. මෙමගින් අපි මනෝ විද්‍යානුකූලව කියා සිටින්න උත්සාහ කරන්නේ පුරුෂයින් සම්පුර්ණයෙන්ම විෂම ලිංගික, සමරිසි හෝ ද්වි රිසිම නොවන බවයි.

පර්යේෂණ තොරතුරු තවදුරටත් විස්තර කරන සැවින් විලියම්ස් ප්‍රකාශ කරන්නේ ද්විරිසියෙකු වීම, එසේත් නැතිනම් ගැහැණු හා පිරිමි යන දෙපාර්ශ්වයටම ආකර්ශනය වීම සම්බන්ධයෙන් අවධානය යොමුකළහොත් එය අනුමත කිරීමට නැතහොත් එවැනි තත්ත්වයන් පිළිගැනීමට පුරුෂයින්ට වඩා කාන්තාවන් කැමැත්තක් දක්වයි. එහෙත් තමා ස්ත්‍රී හෝ පුරුෂ යන දෙපාර්ශ්වයටම ආකර්ශනයක්, කැමැත්තක් දක්වන බව පිළිගැනීමට කාන්තාවන් එතරම් කැමැත්තක් නැත. එයට හේතුව පුරුෂත්වය පිළිබඳ ඔවුන් තුළ හා සමාජය තුළ පවතින අධික විශ්වාසයයි. නැතහොත් පුරුෂත්වය හා බැඳී ඇති සමාජ වටිනාකම් අඩු කර ගැනීමට ඔවුන් තුළ කැමැත්තක් නොමැති වීමයි. ස්ත්‍රීත්වය හා පුරුෂත්වය පිළිබඳ සමාජ මතය පවතින ආකාරය වෙනස්ය. ස්ත්‍රියක් වීම නිසාම කාන්තාවක් මෘදු තැනැත්තියක් වීම, සෙනෙහෙවන්තියක් වීම සමාජය අපේක්ෂා කරයි. ඒ නිසා විෂම ලිංගික කාන්තාවක් තම ජීවිත කාලය පුරාම විෂම ලිංගිකව සිටියද, සමහරවිට ඇයගේ ආශාවන්, අපේක්ෂාවන්වලට ගැලපෙන ඉතාමත් හිතෛෂී ගැහැණියක මුණගැසුනහොත් ඇය සමග මානසිකව බැඳීමක් ඇති කරගත හැකිය.

මෙම මානසික බැඳීමෙහි සැඟවී ඇති ළයාන්විතභාවය, මෘදුභාවය හා අතිශය ගැහැණුකම නිසා කාන්තාවක් ද්විරිසියෙක් වීම සමාජය එතරම් තකන්නේ නැත. ඔවුන්ට නීත්‍යනුකූල රැකවරණයක් හෝ අයිතිවාසිකම් ඉල්ලා සිටින්නේ නම් පමණක් කුපිත වන සමාජය ගැහැණියක විසින් තවත් ගැහැණියකට ආදරය කිරීම හෝ ළෙන්ගතුවීම ගැන උරණ වන්නේ නැත. මන්ද ආදරය,ස්නේහය ගැහැණුකම හා සම්බන්ධ වී ඇති බැවිනි.

එහෙත් පුරුෂයෙකු තවත් පුරුෂයෙකුට අකර්ශනය වීම හා සම්බන්ධව සමාජයේ ඇති මතය එතරම් සතුටුදායක නැත. පුරුෂයින්ට මෘදු විය නොහැක. ඔවුන්ට ලිංගික ක්‍රියාකාරකම්වලදී තම හදවත උණුසුම් කරගැනීමට අවස්ථාව තිබුණද, ආදරයේදී එවැනි උණුසුම් වීමක් සිදුකළ නොහැකිය. පිරිමියා යනු පිරිමියාය. ඔහුගේ ශරීරය, මනස සියල්ල සෑදි ඇත්තේ ගැහැණුන් වෙනුවෙන් පමණි. ඔවුන් රළු නිසා, ඔවුන් වහා කුපිත වන නිසා, ඔවුන් තුළ ළතෙත්භාවය අඩු නිසා ඔවුන්ට හඬන්නට, අනුවේදනීය වන්නට තහනම් නිසා ඔවුන්ගේ හදවත පිරිමියෙකු වෙනුවෙන් කිසිසේත්ම විවෘත විය නොහැකිය. මේ ආකාරයට පිරිමියා පිළිබඳ පවතින සමාජ ආකල්ප මගින් ඔවුන්ට ඔවුන්ගේ සැබෑ ලිංගික නැමියාව නැතහොත් විෂම ලිංගික,සමරිසි හෝ ද්විරිසි යන යන රේඛාව තුළ සත්‍ය වශයෙන්ම ඔවුන් සිටින්නේ කොතැනද යන්න තේරුම්ගැනීමට අපහසුය. එලෙස තේරුම්ගනු ලැබූවද සමාජය හමුවේ කියා පෑමට නොහැකිය.

පරම්පරාව ගොඩනැගීම, වාසගම ආරක්ෂා කිරීම, දෙමව්පියන් බලාගැනීම යනාදියත්, පිරිමිකම රැකගැනීම වෙනුවෙන් සිදුකළ යුතු අරගලයත් නිසා බොහෝවිට ජීවිත කාලය පුරාවටම ඔවුන්ගේ සැබෑ ලිංගික ආකර්ශනය සඟවාගෙන සිටීමට සිදුවනු ඇත.

මෙම පර්යේෂණ තොරතුරු මගින් අනාවරණය කරන්නේ පුරුෂත්වය පිළිබඳ අදහසක්ම පමණක් නොවේ. ලිංගික දිශානතිය හා සැබෑ ආකර්ශනය සඟවාගෙන ජීවත්වීමට සිදුවන මිනිසුන් පිළිබඳ එක්තරා ඛේදවාචකයකි.

- තුෂාර මනෝජ් 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment